පුරවැසි කොලම

ද්‍රවිඩ සන්ධානය පිහිටුවනු ලැබුවේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ය. ප‍්‍රභාකරන්ගේ නියෝග මත ද්‍රවිඩ සන්ධානයට අදාළ තීන්දු ගැනීම සඳහා මුලසුන දැරුවේ තමිල් සෙල්වම්ය. එම සමයේ ආර්. සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන නායකයන් පැවසුවේ දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය බවයි. එහෙත් ප‍්‍රභාකරන් මරුමුවට පත්වීමෙන් පසු ද්‍රවිඩ සන්ධානය වීරයන් මෙන් පෙනී සිටියේය.

මේ පසුබිම මැද ගත වූ කාලය තුළ ද්‍රවිඩ සන්ධානය කොටි න්‍යායපත‍්‍රය මත කි‍්‍රයා කළේය. මෙවර මැතිවරණ ප‍්‍රකාශනයෙන් ද්‍රවිඩ සන්ධානය ඡුන්දය ඉල්ලූවේ ස්වයංපාලනය, ෆෙඩරල් පාලනය, උතුරු නැෙඟනහිර ඒකාබද්ධ කරනු, උතුරු නැෙඟනහිරට සෘජුව විදේශ මූල්‍ය ආධාර ලබාගැනීමට ඉඩ දෙනු යන කරුණු මූලිකත්වය ඊට සමගාමීව මෙවර මැතිවරණයට තරග කළ විග්නේශ්වරන් ද උතුරට ස්වයංපාලනය ඉල්ලා සිටියේය. එසේම උතුරු නැෙඟනහිරට එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කියා සිටියේය.

මැතිවරණය සමයේ ද්‍රවිඩ සන්ධාන හිටපු මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් ප‍්‍රකාශයක් කරමින් කඳුකරයේ පක්‍ෂ සමග එකතුවී ආසන 20 ක් ලබා ගැනීමට කි‍්‍රයා කරන ලෙස ඉන්දියාව තමන්ට උපදෙස් දුන් බව පවසනු ලැබීය.

ද්‍රවිඩ සන්ධාන හිටපු මන්තී‍්‍ර සරවනපවන් කොටින්ගේ ඊළාම් රාජ්‍ය 2/3 සිතියම නව මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගනිමින් කොටි ඇගයීමට ලක් කළේය.

එහෙත් සිදුවූයේ කුමක්ද?

2015 දී ද්‍රවිඩ සන්ධානයට ආසන 16 ක් තිබූ අතර මෙවර එය ආසන 10 ට අඩු විය.

එසේම තමිල් අරසුකච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා සිය අසුනින් පවා පරාජය විය. ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් තරග කළ හිටපු යාපනය

නගරාධිපති ආර්නෝල්ඞ් ද මෙවර මැතිවරණයෙන් පරාජය විය.

ද්‍රවිඩ සන්ධානය පසුගිය යහපාලන රජය සමයේ කටයුතු කළේ උතුරු නැෙඟනහිර හිමිකරුවන් ලෙසිනි. නව ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස යහපාලන රජයට බල කෙරුණි. අත්අඩංගුවේ සිටින හිටපු කොටි මිනීමරුවන් නිදහස් කරන ලෙසද රජයට බලපෑම් ඉදිරිපත් විය. වන්නි මෙහෙයුමේදී අපේ සෙබළුන් දිවි පුදා මුදාගත් ඉඩම් ද නිදහස් කර ගැනීමට ද්‍රවිඩ සන්ධානයට හැකි විය.

ද්‍රවිඩ සංධාන හිටපු මන්ති‍්‍රවරුන් වූ ශී‍්‍රධරන්, සුමන්තිරන්, මාවයි සේනාධිරාජා ජිනීවා මානව හිමිකම් සමුළුවලට සහභාගි වී ශී‍්‍ර ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියා සිටියහ.

හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන යාපනයේ සංචාරයක යෙදෙන අවස්ථාවේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් පැවසුවේ ඔහු උතුරට එන්නේ කුමකටද යන්නයි. එහෙත් 2009 මැයි 19 වැනිදා ප‍්‍රභාකරන් පරාජය වීමෙන් පසු ද්‍රවිඩ සන්ධානය ආසන 10 ට අඩුවීම යනු බරපතළ පසුබෑමකි ද්‍රවිඩ සන්ධානයේ මේ ඇදවැටීම කොළඹ බටහිර තානාපතිවරු පවා අපේක්‍ෂා කළේ නැත.

මැතිවරණයට පෙර උතුරට ගිය ස්විස් තානාපතිව සිටි පීටර් මොක් ද්‍රවිඩ සන්ධාන හිටපු මන්තී‍්‍රවරු හමුවී දේශපාලන තත්ත්වය ද විමසනු ලැබීය. එසේ වුවත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ බෙදුම්වාදී මෙහෙයුම් ද්‍රවිඩ සන්ධානයේ බලය හීනවීමෙන් ඇදවැටුණි.

මේ අතර මනාප සම්බන්ධව හිටපු මන්තී‍්‍ර‍්‍ර සුමන්තිරන් සහ හිටපු මන්තී‍්‍ර රවිරාජ්ගේ බිරිය වූ ශෂිකලා අතර අර්බුදයක් ඇතිවිය. එම අර්බුදය ජාත්‍යන්තරය දක්වා පැතිර ගියේය.

ද්‍රවිඩ සන්ධානය විසින්ම දේශපාලනයට ගෙන ආ විග්නේශ්වරන් ද පසුව ද්‍රවිඩ සන්ධානයට එරෙහි විය. ආර්. සම්බන්ධන් මෙහෙයවූ ද්‍රවිඩ සන්ධානය යාපනය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල සහ ති‍්‍රකුණාමලයට තරග කරනු ලැබීය. 2015 මැතිවරණයෙන් ද්‍රවිඩ සන්ධානයට ඡුන්ද 515963 ක් හිමි විය.

මෙවර සම්පන්දන් ති‍්‍රකුණාමලයට තරග කළේ කදිරවේලූ කුගදාසන් , සුලෝචනා ජෙයබාලන්, ජී. නිත්‍යනාදන්, රාජරත්නම් සචිරත්නම්, කන්දසාමි ජෙයරාවන් සහ සෙල්වරාජන් පේ‍්‍රමරත්නම් යන අපේක්‍ෂකවරුන් සමගය. එහෙත් ජය ලැබුවේ සම්පන්දන් පමණකි. මඩකලපුව දිස්ති‍්‍රක්කය සඳහා ද්‍රවිඩ සංධානය ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් හත්දෙනා අතරින් රාසමානික්කම් සන්තියා සහ කෝවින්දන් කරුණාකරන් ජය ලැබීය.

යාපනය දිස්ති‍්‍රක්කය සඳහා ධර්මලිංගම් සිද්ධාර්ථන්, එබ‍්‍රහම් සුමන්තිරන්, එස්. ශී‍්‍රධරන්, ඊ. සරවනපවන්, කුරුස්පායි සුරෙන්ද්‍රන්, සෂිකලා රවින්ද්‍රන්,

ටී. තෙන්ඩගිරන්, එමානුවෙල්, ආර්නෝල්ඞ් සහ බාලචන්ද්‍රන් කන්දීපන් තරග වැදුණි. එහෙත් ජය ගත්තේ ශී‍්‍රධරන්, සුමන්තිරන් සහ සිද්ධාර්ථන් පමණි.

මෙලෙස ද්‍රවිඩ සන්ධානය අභාග්‍ය සම්පන්න ලෙස දේශපාලන බලයෙන් පිරිහීම කොළඹ බටහිර තානපති කාර්යාල, ඉන්දීය රජය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවට ද බරපතළ ලෙස බලපෑවේය.

උතුරේ සමස්ත ජනතාව තමන් සමඟ යැයි සිතූ ද්‍රවිඩ සන්ධානයේ අතීතය ගැන විමර්ශනයට ලක් කළහොත් ශී‍්‍ර ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් ඒ

ගැන විමර්ශනය කිරීමට හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි ජාත්‍යන්තර ප‍්‍රජාවට කියා සිටියේ ද ද්‍රවිඩ සන්ධානයයි.

එහෙත් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව තවදුරටත් යුද අපරාධ චෝදනා ගෙනයෑමට ද්‍රවිඩ සන්ධානයට හැකිවේද?

2020 මැතිවරණයෙන් උතුරේ දේශපාලනය මුළුමනින්ම පසුපසට කැරකුණි.

ප‍්‍රභාකරන්ට එරෙහිව නඩුවක් විභාග කිරීම ප‍්‍රතික්‍ෂේප කළ සී. විග්නේශ්වරන් ද මෙවර පාර්ලිමේන්තුවට පත් විය. යුද හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට

ගිය ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද මන්තී‍්‍රවරයකු විය. විග්නේශ්වරන්ව දේශපාලනයට ගෙන ආවේ ද්‍රවිඩ සන්ධානයයි. එහෙත් ඔහු ද්‍රවිඩ සන්ධානයට එරෙහි විය.

2015 වසරේදී ද්‍රවිඩ සන්ධානයට උතුරේ හිමිවී තිබූ බලය මෙලෙස 2020 දී වෙනස් වීමෙන් උතුරේ රාජ්‍ය නොවන සංවිධාන සහ යාපනය විශ්වවිiාල බෙදුම්වාදී ශිෂ්‍ය සංවිධානයද අසරණ තත්ත්වයකට පත්විය.

වසර ගණනකට පසු ද්‍රවිඩ සන්ධානයේ ඡුන්ද පදනම මෙලෙස බිඳ වැටීම තුළින් තහවුරුවන්නේ උතුරේ ද්‍රවිඩ ජන සමූහය ද්‍රවිඩ සන්ධාන නායකත්වය කෙරේ විශ්වාසය නොතබා ඇති බවයි.

මැතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක් ලබාගෙන තිබිණි. මේ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ද්‍රවිඩ සන්ධාන කාන්තා ඒකකයේ නායිකා විමලේශ්වරී ප‍්‍රශ්න කළාය. එහිදී සිදුවූයේ ඇයව ධුරයෙන් පහ කිරීමයි. මේ මුදල් විදේශ රටක සිට ගෙන ආවේ සුමන්තිරන් බව හෙළි විය. එසේම මැතිවරණය ආසන්න වන සමයේ ආර්. සම්පන්ධන් විදෙස්ගත ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් අරමුදල් ඉල්ලා සිටියේය.

මේ ද්‍රවිඩ ඩයස්පෝරාව යනු කොටි ඩයස්පෝරාවයි. එම ඉල්ලීම අනුව අරමුදල් කොපමණ ලැබුණේ දැයි මෙතෙක් වාර්තා වී නැත.

බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක වන එමානුවෙල් පියනමගේ ගෝලීය ද්‍රවිඩ සංසදය ද සෘජුව ද්‍රවිඩ සන්ධානයට සහය දැක්වීය.

එසේම මෙතෙක් කි‍්‍රයාත්මක වූ ද්‍රවිඩ සන්ධානයට අමතරව විග්නේශ්වරන් කල්ලිය ද එහි විය. නැෙඟනහිර ප‍්‍රදේශයේ පිල්ලෙයාන් කල්ලියට ද අසුනක් හිමි වීම ද්‍රවිඩ සන්ධානය ලැබූ තවත් පරාජයකි. මෙවර මැතිවරණයේදී මේ ඇතිවූ තත්ත්වය තුළින් තහවුරු වූයේ කොටි ඩයස්පෝරාව උසිගැන්වීම් සිදු කළත් උතුරු නැෙඟනහිර ජන සමූහය ඊට නොරැුවටෙන බවයි.

පසුගිය ජනපතිවරණයේදී උතුරු නැෙඟනහිර ද්‍රවිඩ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ඡුන්දය පාවිච්චි කළ අතර මෙවර එම තත්ත්වය වෙනස් විය.

ගෝඨාභය ජය ගැනීමත් සමග ද්‍රවිඩ දේශපාලකයෝ උතුර හමුදාකරණයට ලක්වී ඇති බවට සාවi ප‍්‍රචාරයක් දියත් කළහ. කොරෝනා වසංගතයට මුවාවී ද්‍රවිඩයන් මර්දනය කරන බවද කියා සිටියහ. මේ හැර උතුරේ සෝදිසි කිරීම් සිදුවන බව ද ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත පෙත්සම් යවමින් සඳහන් කර තිබිණි.

යහපාලන රජය සමයේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ද එම සාවi ප‍්‍රචාරවලට සම්බන්ධ වූ බව අනාවරණය විය.

මෙයට අමතරව ඇමරිකාව ලවා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒකීය වෙනුවට එක්සත් රටක් යැයි නම් කිරීමට ද උත්සාහ කරනු ලැබීය.

ද්‍රවිඩ සංධාන නායකයා ආර්. සම්බන්ධන් වුවත් පසුබිමේ සිට කි‍්‍රයාත්මක් වූයේ සුමන්තිරන්ය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු සුමන්තිරන් පැවසුවේ

වාර්ගික ජනතාවගේ ඉල්ලීම් නොසලකා හැරීමෙන් මෙවැනි ප‍්‍රහාර එල්ල විය හැකි බවයි.

එසේම ද්‍රවිඩ සන්ධානය විසින් යහපාලන රජය ප‍්‍රාණඇපකරුවන් බවට පත්කරගනු ලැබුවේ සංහිඳියා කි‍්‍රයාදාමය යටතේය. සංහිඳියාවට මුවාවී උතුරේ උපාය

මාර්ගික හමුදා උපාය මාර්ගික කේන්ද්‍රස්ථාන ද මුදාගනු ලැබීය. සෝදිසි කිරීම් ද නතර කර ගැනීමට ඔවුන්ට හැකි විය.

එහෙත් මෙවර එවැනි බලපෑම් කිරීමට නොහැකිවේ. මන්දයත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත බලපෑම් කිරීමට ඔවුන්ට නොහැකිය. රටකට අවශ්‍යව ඇත්තේ සතුරාට ප‍්‍රබලව මුහුණදිය හැකි සහ ඔවුන්ගේ කුමන්ත‍්‍රණ ගැන දන්නා නායකයෙක් යැයි ඊශ‍්‍රායල් අගමැතිව සිටි එහුද් බරක් වරක් පැවසීය.

අද සිදුවී ඇත්තේ එයයි. වසර පහක් තිස්සේ පැවැති බොරු සංහිඳියාව අහෝසි විය. සංහිඳියාවට මුවාවී උතුරේ සිදුවූ ආරක්‍ෂාවට අහිතකර කි‍්‍රයා තවදුරටත් ඉටුකර ගැනීමට ද්‍රවිඩ සන්ධානයට හැකි වන්නේ නැත. උතුරු නැෙඟනහිරට ඉඩම් හා පොලිස් බලතලද නොලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More