දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

ඊයේ(14) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More