දේශීය පුවත්

නිදහසට කරුණු නොකියා රටට අවශ්‍ය කරන දේ කිරීමට කැප වන අතර ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලැබී තිබෙන බව අද (14) සිය ධූරයේ වැඩ භාරගනිමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

කුමනාකාරයක ප්‍රශ්න පැවතියද මෙතෙක් ණය ගෙවීම් පැහැර හැර නොමැති අතර එය ඉදිරියටත් එලෙසම සිදුවන බවයි කබ්රාල් මහතා පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකාව කව සමඟ ගණුදෙනු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියාසිටියේය.

රටේ ආර්ථිකය යළි නාග සිටුවීමේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය සියලුම මෙවලම් භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන බවයි නව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

”අපි දැක්කා පසුගිය වසර පහ තුළ මූල්‍ය ආයතන දුර්වල වෙලා තිබෙනවා. කඩා වැටිලා තිබෙනවා. එය අපි නතර කරන්න ඕනේ. රටේ ව්‍යාපාර,මූල්‍ය ආයතන,බැංකු කෙරෙහි ඇති විශ්වාසය ගොඩනැගීම සඳහා අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. බිඳ වැටී තිබෙන මූල්‍ය ආයතන නගා සිටුවීමටත් වෙනම කාර්ය භාරයක් වෙන්කරලා තිබෙන්නේ. එය ඒ ආකාරයෙන්ම කරන්නට මම බලාපොරොත්තු වෙනවා. රටක ආර්ථිකය ගොඩනගද්දී රටේ තිබෙන මූල්‍ය ආයතන කඩා වැටෙනවා නම් එය සිදුවන්නට බැහැ.”

රටේ ජාතික සංවර්ධනය අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රතිපාදන සඳහා ප්‍රතිපත්ති සැකසීම මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රමුඛයන් රටට ආකර්ෂණය කරගැනීම,අධි තාක්ෂණික නිෂ්පාදන රට තුළ සිදුකිරීම සහ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන් සවිබලගැන්විම ඇතුළු කටයුතු රාශියක් වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබෙන බවද කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More