දේශීය පුවත්

නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය.

මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැති ධුරයක් දැරීම සුදුසු නොවන නිසා නව ව්‍යවස්ථා සංශෝධනය මගින් නව තනතුරක් ඇති කර එය හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට හිටපු ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර ඔහුට ලබාදීමට එකඟ වී සිටි පරිසර ඇමති ධූරය මහින්ද අමරවීර මහතාට ලබාදීමට ද කරන ලද ඉල්ලීම අගමැතිවරයා විසින් ඉටු කර දී ඇත.

ඒ අනුව මෙවර ඇමති මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශයක් හිමි නොවීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More