දේශීය පුවත්

පසුගිය මාස දෙක ක කාලය තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් බව අද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව විනය චෝදනා යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් බරපතළ චෝදනා ඇති නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එසේම අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

එසේම බන්ධනාගාර තුළ යම් අකටයුත්තක් සිදුවේ නම් 011-2678600 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ තොරතුරු, නම ගම සඳහන් කිරීමකින් තොරව ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More