Uncategorized

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ ඇමති ධූරය භාර ගෙන දින දෙකක් තුල ව්‍යවස්ථා සංශෝධනයකට අදාල යෝජනාවක් සකස්කොට ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල  අනමැතියකින් තොරව මහජනයාට අදහස් දක්වන්නේ කෙසේ දැයි ගෝලීය සංසදය ප්‍රශ්න කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ලංකා ලීඩ් ඇමතූ එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු සඳහන් කළේ එක් ඇමතිවරයෙක් විසින් අමාත්‍ය මණ්ඩලයේ අවසරයක් නොමැතිව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක අඩංගු කරුනු පිළිබඳව පුවත්පතකට අදහස් දැක්වීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවය.

සෙසු අමාත්‍යවරු ඒ පිළිබඳ කියන්නේ කුමක්දැයි තමා බලා සිටින බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හොර රහසේ ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම බරපතල වැරදි ආදර්ශයක් බවය.

ඊට අමතරව යම් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරගෙන ගැසට් කළ පසුව මහජනයාට අවස්ථාව ලැබෙන්නේ අධිකරනයට යාම සඳහා පමණක් බවත් අධිකරණය බලන්නේ ව්‍යවස්ථාවට පටහැනිද යන කරුණු මිසක් දේශපාලන කරුණු හෝ මහජන මතය දෙස නොවන බවද ඔහු සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More