දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති C.V විග්නේශ්වරන් මහතා ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති LTTE සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා.

යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ස්ථාපිත සැමරුම් ස්මාරකය වෙත පහන් දල්වා, මල් පුදා අදාළ සැමරුම පවත්වා තිබෙනවා.
දෙමළ ජනතා ජාතික සන්ධානය නියෝජනය කරමින් විග්නේශ්වරන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී පලමු වරට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුණා.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයින් පැවැසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් විග්නේශ්වරන් එක් වූ බවයි.

සැමරුම් වැඩසටහන වෙනුවෙන් E.P.R.L.F පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් සහ දෙමළ ජනතා ජාතික සන්ධානයේ නියෝජිතයෝ එක්ව සිට තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More