විදේශ පුවත්

චීනය තවත් වැඩකට අත ගසයි

August 14, 2020 7:38 am | Lanka Lead News

රටේ ආහාර ඉවතලෑම ‘කම්පනය ඇතිවන’ තත්ත්වයක් බව ජනාධිපති ෂී ජින් පිං විසින් හැඳින්වීමෙන් පසුව චීන පරිපාලනය විසින් වහාම ආහාර අපද්‍රව්‍ය අවම කිරීමට පියවර ගෙන තිබේ. ජනපතිවරයා පසුගියදා අනතුරු අඟවා තිබුණේ කොවිඩ්-19 වසංගතය විසින් ආහාර අපද්‍රව්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බව පවසමිනි. ඒ අනුව දැන් චීන පරිපාලනය ‘පිරිසුදු පිඟන් ව්‍යාපාරය’ නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත.

අදාළ වැඩසටහන අනුව ‘චීනය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදකාරී හැඟීමකින් කටයුතු කළ යුුතු’ බවට තීරණය කෙරී ඇත. කොවිඩ්-19 වසංගතය අතරතුර පසුගියදා දකුණු චීනය පුරා සති ගණනාවක් පුරා සිදුවූ මහා වර්ෂාවෙන් හටගත් ජල ගැල්ම හේතුවෙන් ගොවිපොළවල් රැසක් විනාශ වී ටොන් ගණනාවක ආහාර තොග විනාශ වී තිබේ.

ජනාධිපතිවරයාගේ පණිවිඩය අනුව වූහාන් ආහාරපාන කර්මාන්ත සංගමය දැන් නගරයේ අවන්හල්වලින් ඉල්ලා ඇත්තේ රාත්‍රි භෝජනයට ලබාදෙන ආහාර ප්‍රමාණය සීමා කරන ලෙසයි. කණ්ඩායම් විසින් එක් ආහාර වර්ගයක් පමණක් ඇණවුම් කළ යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවද අවන්හල්වලට දැනුම් දී ඇත. N-1 යනුවෙන් නම්කර ඇති මෙම ක්‍රමය ඔස්සේ පුද්ගලයන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට ඇණවුම් කළහැක්කේ පිඟන් 09ක් පමණි. මෙම N-1 සංකල්පය අන්තර්ජාලය ඔස්සේ යම් පමණකට විවේචනය වී ඇත. සමහරු පෙන්වා දී ඇත්තේ එය ඉතා දැඩි උපදෙසක් බවයි. ඔවුන් ප්‍රශ්න කර ඇත්තේ එක් පුද්ගලයකු අවන්හලකට ගියහොත් ඇණවුම් කළ යුත්තේ කුමන ආහාරයක්දැයි කියාය.

මේ අතර චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CC TV ඇතුළු තවත් ආයතන කිහිපයක් අවන්හල් ආශ්‍රිතව විශාල ආහාර නාස්තියක් සිදුවන බවට ප්‍රවෘත්ති වාර්තා කිරීමද අන්තර්ජාලය ඔස්සේ විවේචනයට ලක්වී ඇත. චීනය මීට ඉහතදී ද ආහාර නාස්තිය අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More