ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (13දා) දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇති ආකාරයට 2020 ​අප්‍රේල් 01 වැනි දින බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත ‘අත්තිකාරම් පුද්ගල බද්ද’ හඳුන්වා දී ඇත.

ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔුවන්ගේ වැටුපින් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය. කෙසේ වෙතත් අදාළ එකඟත්වය (කැමැත්ත) අවශ්‍ය වන්නේ නේවාසික සහ මෙරට පුරවැසියන් වන සේවා නියුක්තිකයන් සඳහා පමණයි. ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්නෙන් පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරන තැනැත්තන් අදහස් කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය මත පදනම්ව 2020 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් ‘එකඟතාව නොසලකා’ අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්යයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More