දේශීය පුවත්

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු රැසක් අද (13) සිය අමාත්‍යශයන්හි දී සිය රාජකාරී කටයුතු ආරම්භ කළහ.

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව, නව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද උදෑසන කොළඔ 07 ධර්මායතනයේ දී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ  හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.‍

මේ අතර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඊයේ (12) පත්කෙරුණු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන කොළඔ වොක්ෂෝල් වීදියේ පිහිටි සිය අමාත්‍යංශයේ දී වැඩ ආරම්භ කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද උදෑසන නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද අද උදෑසන කොළඔ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේහි රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවාය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයෙහි වැඩ ආරම්භ කළේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දීය.

නව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද අද බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගත්තේය.

මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද උදැසන කොළඔ පිහිටි සිය අමාත්‍යාංශයේදී සිය ධුරයේහි වැඩ කටයුතු අරම්භ කළේය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම අද උදෑසන නාරාහේන්පිට පිහිටි කම්කරු අමාත්‍යාංශයේ දී සිදුකළේය.

මේ අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද අද උදෑසන බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු භාර කළේය.

මේ අතර කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි ඇරඹීය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද අද උදෑසන නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කොළඔ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද රාජගිරියේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More