ප‍්‍රධාන පුවත්

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්තා වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි කොළඹ – ෂැංහයි ගුවන් ගමන් සති 4ක කාලයක් සඳහා අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමතරව තවත් ජාත්‍යන්තර ගුවන් සේවා දෙකක ෂැංහයි ගමන් වාර මෙසේ අත්හිටුවා ඇති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.

එම වාර්තා දක්වන ආකාරයට පසුගිය අගෝස්තු 03 වනදා අබුඩාබි සිට පැමිණි එතිහාඩ් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 06 දෙනෙකුත් අගෝස්තු 05 වනදා පිලිපීනයෙහි මැනිලා නුවර සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 06 දෙනෙකුත් අගෝස්තු 07 වනදා කොළඹ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි යානයෙන් කොරෝනා රෝගීන් 23 දෙනෙකුත් හමුවී ඇති බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත.

ඒ අනුව අගෝස්තු 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගුවන් සේවා තුනෙහිම ෂැංහයි ගුවන් ගමන් අත්හිටුවන බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More