දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති බවට පත්කිරීම සදහා රටේ ජනතාව ලක්ෂ 69ක් සිය ජන්දය භාවිතා කර තිබුණි.එහිදී රටේ බහුතර පිරිසක් ඒ මහතා හට සිය ජන්දය ලබා දුන්නේ පවතින දුෂිත දේශපාලනය තුරන් කිරීම සදහාය.එසේම වියත්මග නමින් උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන මානසිකත්වයෙන් ජනතාව මහා මැතිවරණයේදීද සිය ජන්දය භාවිතා කරන ලදී.

කෙසේ වෙතත් අද දින නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කරන ලදී.එහිදී නැවත වරක් පැරණි මුහුණු වලට ඇමති පුටු ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම හරහා මේ වන විට විශාල විරෝධයක් රටේ නිර්මාණය වී තිබේ.උක්ත අරමුණු වලින් ජන්දය භාවිතා කල බොහෝ දෙනෙක් මේ වන විට සිය කනස්සල්ල ජනාධිපතිවරයා වෙත පළ කරමින් සමාජ මාධ්‍ය වල හැසිරෙන ආකාරය දැකගත හැකිය.

විශේෂයෙන්ම අධිකරණ ඇමති ලෙස අන්තවාදයට උඩගෙඩි දෙන අලි සබ්රි වැනි අයෙක් පත් කිරීම රටේ අවාසනාව බව මේ වන විටත් ජනතාව ප්‍රකාශ කරමින් සිටී.ඒ බව තහවුරු කරමින් ජනාධිපතිවරයාගේ නිළ ෆේස්බුක් පිටුව පුරා විශාල ජනතා විරෝධයක් මේ වන විට ගොඩ නැගෙමින් තිබේ.ඉතිහාසයේ පළමු වරට මෙතරම් ජනතා අප්‍රසාදයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ෆේස්බුක් පිටුවට අද වන විට එල්ල වී තිබේ.සිංහල බෞද්ධ ජන්ද වලින් ජනාධිපති බවට පත්වී වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක් ගොඩ නැගීමට පැමිණි වත්මන් ජනපතිවරයා සිය ජන්ද දායකයාගෙන්ම මෙතරම් ඉක්මනින් ප්‍රතික්ෂේප වීම දෛවයේ හාස්කමක් වැනිය….

මේ එවැනි විවේචන සහිත කමෙන්ට් කිහිපයකි.වැඩි දුර අධ්‍යනය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිළ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More