දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇත.

එසේ වුව ද හිටපු ජනාධිපතිවරයා මහනුවර දී පැවති නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට ඊයේ දිනයේ සහභාගී විය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනා වී තිබුණේ පරිසර ඇමතිකම වන අතර එය මේ වන විට මහින්ද අමරවීර මහතා වෙත ලබා දී ඇත.

නිමල් සිරිපාල සිල්වා මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් කැබිනට් අමාත්‍යධූරය ලෙස කම්කරු ඇමැති ධුරයේ හිමිවී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ රාජ්‍ය ඇමති ධුරයන් දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයට හිමිව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More