දේශීය පුවත්

නැගෙනහිර පළාතේ දමිළ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අගය කරමින් සිය කෘතවේදීත්වය පළ කළ ආකාරය මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵල අනුව පෙන්නුම් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප‍්‍රකාශ කළාය.

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එවකට පැවැති යහපාලන ආණ්ඩුවට නැගෙනහිර පළාතේ දමිළ දේශපාලන පක්ෂවලට එම ජනතාව සහයෝගය දැක්වුවද එම පළාතට කිසිදු ප‍්‍රයෝජනයක් වී නොමැති බවද ඔවුන් පැහැදිලි සාක්ෂි සහිතව මෙවර ඔප්පුකර ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

පසුගිය මහ මැතිවරණයේදී ජයග‍්‍රහණය කළ මන්ත‍්‍රී සංඛ්‍යාවට වඩා මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීම සඳහා දමිළ දේශපාලන පක්ෂවලින් නියෝජිතයන් වැඩි පිරිසක් එක්ව සිටි බවත් යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියා පිළිවෙත නිසා එම දේශපාලන පක්ෂවල ජනතාව මෙවර පොහොට්ටුවට සහය දැක්වූ බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

පසුගියදා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද කීවාය.

නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර සෘජුවම පොහොට්ටුවට සහාය දැක්වුවා. ඇත්තටම ඔවුන්ට දෙමළ දේශපාලන පක්ෂවල නායකයන් කරපු වැඩ පිළිබඳ කලකිරිලා. එම සහාය දැක්වීම නිසාම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ 2015 මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පොහොට්ටුවට වැඩි ඡන්ද 30218ක් ලැබී තිබෙනවා. දමිළ ජාතික සන්ධානයට ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡන්ද 12324ක් අඩුවෙලා.

ඒ විතරක් නොවේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ඡුන්ද 36,678ක් පොහොට්ටුවට එකතු වෙලා. දමිළ ජාතික සන්ධානයට ඡුන්ද 20,166ක් අඩුවෙලා. මඩකලපුවෙන් පොහොට්ටුවට මෙවර 1192 ක් වැඩිවෙලා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට ඡන්ද 47,785ක් ගියවර මහ මැතිවරණයට සාපේක්ෂව අඩුවෙලා. අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරගෙන ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරු කොළඹට වෙලා සුර සැප වින්දා. පළාතේ ජනතාව ගැන ඔවුන් කිසිම තැකීමක් කළේ නැහැ.
–දිවයින–

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More