දේශීය පුවත්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවය.

ඊයේ (12) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම අදහස් පල කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද විය.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ අදාළ නම් කිරිම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්ය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරි ව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරිමට එම පක්ෂය ඊයේ දිනයේ තීරණය කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More