උතුරු පළාතේ සංවර්ධනය සිය ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් අතර ඉදිරියෙන්ම පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ ජාතික සඟරාවක් ලෙස සැලකෙන ‘ෆ්‍රන්ට්ලයින්’ (FRONTLINE) වෙත පවසා ඇත.
මහ මැතිවරණයෙන් අනතුරුව පසුගිය අගෝස්තු 08වැනිදා අගමැති ධුරයේ දිව්රුම් දීමට ප්‍රථම ලබාදී ඇති මෙම සම්මුඛ සාකච්ඡාවේදී අගමැතිවරයා පවසා ඇත්තේ ‘‘මාගේ පසුගිය පාලන කාලයේ දුෂ්කර තත්ත්වයන් යටතේ උතුරු පළාතට විශාල වැඩකොටසක් සිදු කෙරී තිබෙනවා. අවාසනාවකට මෙන් පසුගිය වසර කිහිපයේ ඒ වැඩ කඩාකප්පල් වුණා. එම වැඩකටයුතු නැවත ආරම්භ කර කඩිනම් කරනු ලබනවා’’ යනුවෙනි.
‘‘ජාතිය හෝ සංස්කෘතික පසුබිම නොසලකා අපගේ රජය සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරනු ඇත. ජීවනෝපායන්, කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්මාර්ග, අපනයන වැඩිදියුණු කිරීම හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ ප්‍රමුඛතා පවතී.’’ වර්තමාන ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන් දෙමළ ජනතාවට ලැබෙන්නේ කුමක්දැයි ෆ්‍රන්ට්ලයින් කරන ලද විමසීමට අගමැතිවරයා පිළිතරු දී ඇත්තේ එසේය.
එසේම මෙවර ලැබූ දැවැන්ත ජනවරම තමන් නිහතමානීව භාරගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
‘‘අතිමහත් ජනවරම ඔස්සේ ජනතාවට මෙම පාලනය කෙරෙහි විශ්වාසයක් ඇති බව පෙනී යයි. ඔවුන් කලින් පැවැති පාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් එසේ කළේ විශාල විශ්වාසයකින් බව මම විශ්වාස කරමි. දැන් අපට විශාල වගකීමක් ඇත.’’ යනුවෙන්ද අගමැතිවරයා මෙම සම්මුඛ සාකච්ඡවේදී වැඩිදුරටත් පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...