දේශීය පුවත්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, සහ මලික් සමරවික්‍රම ඇතුළු 11 දෙනකුට මෙම 21 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (12 වැනිදා) නියෝග කර තිබේ.

පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ​ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවනු ලැබූ ජනාධිපති කොමිසම හමුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවා ඇත්තේ ප්‍රථම වරටය.

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් සිදු කළ බවට චෝදනා එල්ල වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන 11 දෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර, ඔවුන් සියලුදෙනා ජනාධිපති කොමිසම හමුවට කැඳවන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනරත් ජයසුන්දර ඉල්ලා සිටියේය.

දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක්වූ බව සඳහන් කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ගොනු කළ පැමිණිල්ලකට අදාළව නීතිඥ සෙනරත් ජයසුන්දර එම ඉල්ලීම කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ජනාධිපති කොමිසම, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 11 දෙනා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඔවුන්ට ලබන 21 වැනි දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කළේය.

ඊට අමතරව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ ආනන්ද විජේපාල, හිටපු දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් එම්. සුමනපාල යන තිදෙනාටද එදිනට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More