එජාප නායකත්වය සඳහා ජෝන් අමරතුංග, සාගල රත්නායක යන මහත්වරුන් හැර අන් ජේෂ්ඨයන් එම පක්ෂයේ නායකත්වය ඉල්ලීමට පටන් ගෙන තිබේ.
ප්‍රථමයෙන් 4 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වූ අතර දැන් එම සංඛ්‍යාව 08 දක්වා වැඩි වී තිබේ.
උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවින් දිසානායක, භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර හා 2015 දී පක්ෂයට එක් වූ අර්ජුන රණතුංග යන මහත්වරුන් ඒ අතර වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සිරිකොතේ රැස්වීමක් කැඳවා තිබු අතර පසුව සිය නිවසේ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, සාගල රත්නායක හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...