පුරවැසි කොලම

‘අපි ඡන්දය දුන්නේ ඔබව විශ්වාසය කර මිසක්, අපේක්‍ෂකයන් විශ්වාස කර නොවේ.’

‘රට රකින නායකයා වෙනුවෙන් අපි පණ උනත් දෙනවා.’

‘ඔබ වෙනුවෙන් ලබාදෙන මෙම බහුතර විජයග‍්‍රහණය පිටුපස සිටින අහිංසක මිනිසුන්ගේ හීනය මේ පාරවත් ඔබගේ නායකත්වය යටතේ ඉතිරි අවුරුදු පහ තුළදී ඉෂ්ට කරන්න.’

‘මේ 2/3 ලබාදුන්නේ ගෝඨාභයට රට හැදීමට මිස පිංගුත්තරයින්ට රැඟීමට නොවන බව වටහා ගන්න.’

‘රට පුරා මේ තරම් බලයක් ලැබුණේ ජනාධිපතිතුමනි වෙන කිසිවක් නිසා නොව මිනිසුන් ඔබ කෙරේ තැබූ විශ්වාසය යි.’

මේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය පිළිබ`ද ෆේස් බුක් සමාජ ජාලයේ පළ වී ඇති වැකි කිහිපයක්. ලිපිය ආරම්භයේ දී මෙය උපුටා දක්වන්නේ වචනවලට එහා ගිය ජනතා අභිලාෂයක් ඒ පාඨයන්හි අන්තර්ගතව පවතින බැවිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප‍්‍රමුඛ නව රජය මේ කෙරෙහි හෘදයාංගම වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණයේ දී මෙරට වැසියන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්ද හැටනව ලක්‍ෂයකට අධික ප‍්‍රමාණයක් ලබා දී ඔහු ජනපති පුටුවේ වාඩි කළේ ය. ඉනික්බිතිව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව යමින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද ‘සෞභාග්‍යයේ දැක්ම’ නමැති රට හදන වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවීම පිණිස මෙරට වැසියෝ පසුගිය මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත ඡුන්ද 68,53,690 ලබා දෙමින් පාර්ලිමේන්තු ආසන 229 න් 145 ක්ම හිමිකර දුන්හ. ඒ අනුව මෙරට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම් සියල්ල කිසිදු අඩුලූහු`ඩුතාවකින් තොරව ඉටු කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට ජනතාව ලබාදුන් සෑම කතිරයක් තුළම රැුඳී පවතින්නේ මෙරට දුගී දුප්පත් ගොවි, කම්කරු ජනතාවගේ නිර්මල, අව්‍යාජ වූ ද අපේක්‍ෂාවන්ය, බලාපොරොත්තුය. ඒ සෑම පොදු අපේක්‍ෂාවකින් ම නිරූපණය වන්නේ වැටී තිබෙන තැනින් රට ගොඩනැ`ගීමේ ජනතා සිහිනය යි. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමෙන් පසු වසර 72 අධික කාලයක් මෙරට පාලකයින් රටේ දියුණුව යන්න ජනතාවගේ සිහිනයකට පමණක්ම සීමා කර තැබීමට කටයුතු කර ඇත. එබැවින් මෙරට ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, ග‍්‍රාමීය සංවර්ධනය යන්න ජනයාගේ මනස තුළ පමණක් සැරිසරන මනෝරාජික සංකල්පයක් පමණක් බව පත්ව තිබේ.

නිදහසින් පසු වසර 72 තිස්සේ මෙරට පාලකයෝ නානාවිධ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ මෙරට ජනතාවට බැට දී ඇත. එහෙයින් ජාතික සංවර්ධනය යන්න නිෂ්පාදන ආර්ථිකය යන්න, සමාජ සංවර්ධනය යන්න, ආචාරශීලී සහ සාරගර්භ පාලනය යන්න මෙරට ප‍්‍රජාව වටහා ගෙන ඇත්තේ කිසිදා යථාර්ථයක් නොවන සිහින වශයෙන් පමණි. නිදහස දිනා ගත් තැන් පටන් හාත්පස බැලීමේ දී වසර 72 ක් ඇවෑමෙන් ශේෂව ගිය සංවර්ධනයේ නෂ්ටාවශේෂ මෙරට සමාජය පුරා විසිරී පවත්නා අයුරු නිරීක්‍ෂණය වේ.

එහෙයින් පසුගිය ජනාධිපතිවරණයේ දී සේම, මහමැතිවරණයේ දී ද මෙරට වැසියෝ ගෝඨාභය රාජපක්‍ෂ උදෙසා සිය කතිරය සලකුණු කළේ දශක හතක් තිස්සේ සිහිනයක්ව පවතින ජාතික සංවර්ධනය යන්න මෙරට භූමියේ පැළවෙන යථාර්ථයක් බවට පත්කර ගැනීමේ අරමුණෙනි.

වර්ෂ 1948 නිදහස දිනා ගැනීමෙන් පසු ලාංකිකයින් වන අපට පොදු ජන යුගයක් මතින් ගොස් නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ජාතික සංවර්ධනය නමැති අභියෝගය දිනා ගැනීමට හැකි අවස්ථා කිහිපයක් උදාවිය. වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සම`ග දිනාගත් ජාතික ප‍්‍රබෝධය ඉතා ටික කලකින් විනාශ වී ගියේ ය. ජාතික ආර්ථික උපාය මාර්ග ද ඒත් සම`ගම විනාශ විය. එතැනින් පසු 1977 දක්වා මෙරට පාලනය තුළින් දක්නට ලැබෙන්නේ දේශපාලන අස්ථාවරත්වයයි. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන තෙක් එකී දේශපාලන අස්ථාවර බව පැවතිය අතර ජයවර්ධන ජනාධිපතිවරයා ද තමාට කතිරය ගැසූ ජනතාව වෙනුවෙන් අත්කර දුන්නේ අපේක්‍ෂා භංගත්වය යි. ඔහුගේ පාලනය යටතේ 1980 දශකය ආරම්භ වන්නේ ද 1980 දශකය නිමාවට පත්වන්නේ ද ලේ වැගිරීම් මතින් දිවෙන මනුෂ්‍ය ඝාතන රැුල්ලකිනි.

වර්ෂ 1970 වර්ෂයේ සිරිමා බණ්ඩාරනායක අගමැතිවරිය යටතේ නිෂ්පාදන ආර්ථිකයක් මතින් සංවර්ධිත රටක අරුණලූ දැකීමට තිබී අවකාශය මෙරට ජනතාවට අහිමි වන්නේ 1977 මැතිනිය පරාජයට පත්වීමත් ජේ. ආර් ජයවර්ධන ජයග‍්‍රහණය කිරීමත් සම`ගය. හාල් කිලෝවට, සැමන් ටින් එකට, පරිප්පු කිලෝවට වහල් වී බඩ ගැන පමණක් සිතූ ජනතාව සිරිමා බණ්ඩාරනායකගේ ආර්ථික වැඩපිළිවෙළ පරාජයට පත් කර ජේ.ආර්. ජයවර්ධන බලයට ගෙන ආවේය. එකල මු`ඵ රට පුරාම විවිධ කර්මාන්ත ස්ථාපිතව පැවතිනි. දේශීය අමුද්‍රව්‍යවලින් ජනතා පරිභෝජනයට අවශ්‍ය දෑ මෙරට තුළ දී ම නිපද වූයේය. විදේශ රටවලින් ආනයනය කරන ලද්දේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණි. චීනය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල නායකයින් අනුව යමින් ඔවුන් සම`ග එකට හිටගත් බණ්ඩාරනායක මැතිනිය නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලියක් ඔස්සේ පමණක් රට දියුණු කළ හැකිය යන මතයේ පිහිටා සියලූ ආර්ථික, විදේශ හා සංවර්ධන සැලසුම් සකස් කළාය. මෙරට ජනතාව 1977 බණ්ඩාරනායක මැතිනිය පරාජය නොකර තව වසර දහයක ඇය සමඟ රට ඉදිරියට යෑමට සැලැස්සුවේ නම් අපට ද ලෝකයේ දියුණු රටක පුරවැසියෝ වීමට ඉඩ තිබුණි. නමුත් මැතිනියගේ පරාජයන් සමග දේශපාලන අස්ථාවරත්වය, අපේක්‍ෂා භංගත්වය, බෙදුම්වාදය, ත‍්‍රස්තවාදය කෙමෙන් කෙමෙන් මෙරට හිස එසවූයේ ය.

යළිත් මෙරට පොදුජන යුගයක අපේක්‍ෂා මල් පූදින්නේ 1994 චන්‍ද්‍රිකා බණ්ඩාරනායකගේ ආගමනයත් සම`ගිනි. නමුත් ඇයට ද සිය ප‍්‍රජාවට සිතූ පැතූ සම්පත් ලබාදීමට තබා ඔවුන්ගේ මූලික අවශ්‍යතා හෝ ඉටු කිරීමට නොහැකි විය.

2005 වර්ෂයේ බලයට පත් වන මහින්ද රාජපක්‍ෂ මහතා සිය ප‍්‍රථම ධුර කාලය තුළ දීම තිස් අවුරුදු යුද්ධය නිමාවට පත් කරන්නේ මෙරට ජනතා අපේක්‍ෂා මල්ඵල ගන්වමිනි. දේශපාලන අරාජිකත්වය වෙනුවට ස්ථාවර රාජ්‍ය පාලනයක්, භීෂණයෙන් තොර රටක්, අපරාධ බියෙන් තොර ජන ජීවිතයක්, ජාතික ආරක්‍ෂාවට සහතිකයක්, බෙදුම්වාදයට හා ත‍්‍රස්තවාදයට පරාජයක්, විරැුකියාවට

රැුකියාවක් යනාදිය මගින් මෙරට ජනජීවිතය සන්තර්පනය කිරීමට මහින්ද රාජපක්‍ෂ රජය පියවර ගත්තේ ය. 2008 යුද ජයග‍්‍රහණය මෙහි සුවිශේෂී සංධිස්ථානය යි.

නමුත් රාජපක්‍ෂ මහතාගේ මෙම ජයග‍්‍රහණය සැබෑ ජනතා ජයග‍්‍රහණයක් බවට පත් නොවන්නේ වර්ෂ 2015 ජනාධිපතිවරණයෙන් ඔහු සහ ඔහුගේ ආණ්ඩුව පරාජයට පත්වීමත් සමගය. වර්ෂ 2010 දෙවැනි ධුර කාලයට පත් වන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ පැවති ඇතැම් වැරදි භාවිතාවන් නිසා 2010 ජනතා ජයග‍්‍රහණය විනාශ වී ගියේය.

2005 වසරෙහි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම මෙරට පොදු ජන යුගයක ඇරඹුම වශයෙන් සටහන් වුණි. සියලූ පාර්ශ්ව සමග මනා සබ`දතාවෙන් ගොඩනගාගත් මහින්ද රාජපක්ෂ මහතා රටේ දැවෙන ප‍්‍රශ්නය වූ යුද්ධය නිමා කිරීමට නායකත්වය ලබාදෙමින් රටේ ජනතාව බිහිසුණු අ`දුරු යුගයකින් මුදා ගත්තේය. එමෙන්ම රටේ අධ්‍යාපන, සෞඛ්‍යය, මහාමාර්ග වැනි ක්ෂේත‍්‍ර මෙන් ම ඇතැම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා සිය මූලික අවධානය යොමු කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දෙවැනි ධුර කාලය සඳහාත් ඔහු රටේ නායකයා වශයෙන් තෝරා ගැනීමට මෙරට ජනතාව කටයුතු කළහ.

නමුත් පශ්චාත් යුදකාලීන සමාජ අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමටත්, තමා ලද අද්විතීය ජනතා ජයග‍්‍රහණය නිසි පරිදි ආරක්ෂා කර ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා අසමත් විය. තමා ලද ජයග‍්‍රහණය තමා වටා සිටි තම ගෝල බාලයින් රිසිසේ අවභාවිත කරන දෙස මහින්ද රාජපක්ෂ මහතා බලා සිටියේය. එවක සිටි ඇතැම් මැතිවරුන්ගේ මෙන් ම ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ බිහිසුණු සහ තකතීරු වැඩ හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මුණිවත රැුක්කේ ය.

එසේම තමා විසින් පත් කළ ඇතැම් ආයතන ප‍්‍රධානීන්, සංස්ථා සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ප‍්‍රජා පීඩක කටයුතු නවතාලීමට මහින්ද රාජපක්ෂ මහතා කිසිදු පියවරක් ගත් බවක් දක්නට නොලැබුණි. මෙකල සිටි ඇතැම් සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු, මේ තනතුරු තම බූදලයක් සේ සිතා මහජන මුදල් අවභාවිත කළහ. එසේම තම ආයතනවල සිටි සාමාන්‍ය සේවකයින් දැඩි ලෙස පීඩාවට ලක් කළහ. අශීලාචාර ලෙස හැසිරුණහ. මේ නිලධාරින්ගේ මැති ඇමැතිවරුන්ගේ මෙන්ම මහින්ද මහතාගේ ගෝලබාලයන්ගේ නොමනා හැසිරීම්වල ප‍්‍රතිඵලය වූයේ ඔහුගේ පරාජය වේගවත් වීමයි. එමගින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණවල ප‍්‍රතිලාභ රටට, ජනතාවට ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලට වෙලාවට ප‍්‍රතිසංස්කරණ සිදුකර තමා වටේ සිටිය අය සිය ජයග‍්‍රහණය අවභාවිත කරන දෙස බලා නොයිද, තම ජයග‍්‍රහණය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට කටයුතු කළේ නම් තවමත් මෙරට ජනාධිපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද මහතා කෙතරම් ‘සරු’ නායකයකු වුවද ඔහු වටා සිටි ඇතැම් ‘නිසරු’ මිනිසුන් මහින්ද මහතාගේ පාලනයේ සරු බව ජනතාව වෙත වහනය වීමට ඉඩ නොදුණි.

එහෙයින් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ද මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට ද ඉතිහාසය වෙතින් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇත. විශේෂයෙන් ලද ජයග‍්‍රහණය කළමනාකරණය ගනිමින් එය සැබෑ ජනතා ජයග‍්‍රහණයක් බවට පත් කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.

ඡන්දය දිනිය හැකි ය. නමුත් මිනිසුන් දිනිය නොහැකි ය. මිනිසුන් දිනිය හැකි ය.

එහෙත් දිගුකාලීනව එම ජනතා ජයග‍්‍රහණය පවත්වාගෙන යමින් ජනතා විශ්වාසය දිනිය නොහැකි ය.

එහෙයින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව දැන් කළ යුතුව ඇත්තේ දිගුකාලීනව මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගත හැකි වැඩපිළිවෙළකට යොමු වීමයි. එය රට හදන වැඩපිළිවෙළයි. එය නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටේ ජනතාවට සංවර්ධන ක‍්‍රියාවලිය සමග සහභාගීවීමට හැකි වැඩපිළිවෙළයි. එය ප‍්‍රජාවේ භෞතික සංවර්ධනය පමණක් මූලික නොවූ, සතුට, තෘප්තිමත් බව මානසික සුවය වැනි කරුණු මූලික කරගත් ප‍්‍රජාවේ ආධ්‍යාත්මික සංවර්ධනය ද පෙරටු කොටගත් වැඩපිළිවෙළයි. එවිට ‘සෞභාග්‍යයේ දැක්ම’ නමැති වදන් පෙළ මෙරට ජනජීවිතය උද්දාමයට ද, ප‍්‍රීති ප‍්‍රමෝදයට ද පත් කරවන, ඔවුන්ගේ ජීවිතය ඔසවා තබන යථාර්ථවාදී සමාජ ක‍්‍රියාවලියක් වනු ඇත.

සමන් රාජපක්‍ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More