හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටත් ක‍්‍රියාත්මක වනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා නිකුත් කළ අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය දැක්වෙන ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ද දැනට ඇති ජනාධිපති කාර්යසාධක බළකායන් සමග සියලූ අමාත්‍යාංශ සිය විෂය ක්‍ෂේත‍්‍රයන්ට අදාළ කටයුතු සම්බන්ධීකරණය හා ක‍්‍රියාත්මක කිරීම කළ යුතු බවයි.
මෙවර නම් කර ඇති නව අමාත්‍ය මණ්ඩල ව්‍යුහය අනුව එම අනෙකුත් ජනාධිපති කාර්ය සාධක බළකායන් ඒ ඒ අදාළ අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කෙරෙනු ඇති අතර මෙම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය මුදල් අමාත්‍යාංශය පරිශ‍්‍රයේ සිට ඉදිරියේදී ක‍්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද රජයේ එම ඉහළ පෙළේ ආරංචි මාර්ග තවදුරටත් ‘දිවයින’ට හෙළි කළේය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...