දේශීය පුවත්

පසුගිය 9 වැනිදා පිලිස් ගුණවර්ධන අනස්මරණ පුෂ්පෝහාරයෙන් පසුව මාධ්‍ය අමතා දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ පළාත් සභා ක්‍රමය වෙනසකට භාජනය කළ යුතු බවය. ඒ අතර 19 වෙනස් කරන ලෙස රටට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා ඇත.

ලංකා ලීඩ් ඒ ප්‍රකාශය පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසා සිටියේ පසුගිය දින වල ඔවුන් විසින් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව යම් මත ප්‍රකාශ කිරීම නිසාය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්,

” දිනේෂ් ගුණවර්ධන මහත්තයත් පැකේජ් කාරයින්ගේ ලනුව කාලා වගේ. 19 වැනි සංශෝධනයේ කැලි ගලවන සංශෝධනයක් සමඟ 13 වැනි සංශෝධනය වෙනස් කරන්න ගියොත් ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකියි.

එම ක්‍රියාවලිය තුළ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපය හෙවත් අඩ ටික ගලවන්න ඉඩ තියෙනවා.

එහෙම වුනොත් යුද්ධ කරලා ඉල්ලුව දේ රනිල්ගෙන් ගන්න බැරි වූ දේ මහින්ද විසින් බන්දේසියක තබා දුන්නා වෙනවා. ඒක මහා පාවාදීමක්.

මහජනයා ආණ්ඩුවට බලය දුන්නේ ව්‍යවස්ථාවට පැලැස්තර දාන්න නෙවෙයි. අළුත් ව්‍යවස්ථාවක් හදන්නයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More