ව්‍යාපාරික පුවත්

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත පරිසරයක් පවතින බව සහතික කරමින් ලෝක සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්’ පිරිනමා ඇත.

කොවිඩ් වසංගතය අතරතුර සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් ලෝක සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටෝකෝලයන්ට අනුකූලව මෙම මුද්‍රාව නිකුත් කර තිබේ.

මෙමගින් විදේශීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ස්ථාන, ව්‍යාපාර හා අවශ්‍ය වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කෙරෙන අතර ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සහතිකයක් ලබාදෙනු ලැබෙයි. ශ්‍රී ලංකාව දැන් අන්තර්ජාතික සංචාරකයාගේ පිළිගැනීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සම්පාදනය කර ඇති බවත් මෙම මුද්‍රාව ඔස්සේ ලොව පුරා සංචාරකයන් දැනුවත් කෙරෙන බවද මෙම ආරක්ෂක මුද්‍රාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ලෝක ආරක්ෂිත සංචාරක මුද්‍රාව කොවිඩ් වසංගතය සහ ඒ හා සමාන අර්බුද හමුවේ ලොව පුරා සංචාරකයන්ට ආරක්ෂක උපදෙස් ලබාදෙන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු සහතිකයකි. ‘ලෝක සංචාරක සංවිධානය’ විසින් අනුමත කර ඇති මෙම මුද්‍රාව ඔස්සේ සංචාරකයන්ට ලොව පුරා සංචාරය කිරීමේ අනුමැතිය ලබාදෙති. එසේම ලොව පුරා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මිලියන ගණනක් පුද්ගලයන්ගේ රැකියා හා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාද මෙම මුද්‍රාව ඔස්සේ සහතිකයක් ලබාදෙනු ලැබෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More