නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේ දීය.
පෙරවරු 8.45 ට මෙම දිව්රුම්දීමේ උත්සවය ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
ජාතික ආරක්ෂාව , ආර්ථික සංවර්ධනය , යටිතල පහසුකම් , අධ්‍යාපන , සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.
ඒ අනුව අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත මේ වන විට පැමිණෙමින් සිටියි.
LIVE: නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ▸Swearing-in of new Cabinet & State Ministers at Magul Maduwa of Sri Dalada Maligawa in Kandy
Gepostet von Ada Derana Sinhala am Dienstag, 11. August 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...