ඊයේ(11) දෙරණ වාද පිටියට සම්බන්ධවෙමින් අදහස් දැක්වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ ජනතාව ලබාදුන්නේ තිස් වසරක යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ලබා දුන් කෘතවේදීත්වයේ ඡන්ද බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ මේ රට ගොඩනගනු ඇතැයි යන දැවැන්ත බලාපොරොත්තුවෙන් ලබා දුන් ඡන්ද බවත් පැවසීය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල වගකීමක් ජනතාව විසින් පවරා ඇති බවත් ජනතාව පරණ මුහුණු 70ක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර අළුත් මුහුණු 64ක් පාරිමේන්තුවට එවා ඇති බවත් පවසා සිටියේය.
ජනතාවගේ අපේක්ෂාවන් තෘප්ත කිරීමේ වගකීම හැර පැරැණි ඇමතිවරුන් මෙන් ඔවුන් කටයුතු කළහොත් වික්‍රමසිංහ මහතාට අත්වූ ඉරණම ඔවුනට අත්වීමට නියමිත බවද පවසා සිටියේය. මහජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පවරා දුන් වගකීම එලෙසම ඉටු කිරීමට දැවැන්ත ශක්තියක් ලබාදීමට සවිඥානික විය යුතු බවත් පැවසුවේය.
(වීඩියෝව පහළින්)
69 ලක්ෂයක අපේක්ෂාව ඉටුකිරීමට ලද ඓතිහාසික අවස්ථාවක් … නිවැරදිව කියවා ගනිමු2020-08-11 ටි.වී. දෙරණ වාදපිටිය
Gepostet von Wasantha Bandara am Dienstag, 11. August 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...