නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙන් අද (12 වැනිදා* මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු දෙදහසකගෙන් සමන්විත පොලිස් බලඇණියක් යොදවා විශේෂ රථ වාහන සැලැස්මක් ද කි‍්‍රයාත්මක කර ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසයි.
පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම සිවිල් පොලිස් නිලධාරීහු ද නගරයේ ආරක්ෂාවට යොදවා සිටිති.
අද උදෑසන 06 සිට මහනුවර නගරයට ඇතුළු කරන වාහන සීමා කර ඇති අතර අද දිනය පුරාම මහනුවර නගර සීමාව තුළ රථ වාහන නවතා තැබීම තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මේ අතර බාධාවකින් තොරව දළදා මාලිගාව වන්දනා කිරීමේ අවස්ථාව වන්දනාකරුවන්ට ලබාදී ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...