දේශීය පුවත්

ජන බල පක්ෂයෙහි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සඳහා මතුව ඇති  ගැටලූව එහි හිටපු වැඩබලන ලේකම් පූජ්‍ය වේදනීයගම විමලතිස්ස හිමියන්ගේ ‘සූසයිඞ්’ ගේම් එකක් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (11 වැනිදා* සඳහන් කළහ. උන්වහන්සේ ජාතික මතය එක මිටට ගෙන එය අව භාවිතා කරමින් තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවත් ඒ සඳහා උන්වහන්සේ සමග කුමන්ත‍්‍රණකරුවන් කිහිප පළක්ම සිටින බවත් ඥානසාර හිමියෝ කීහ.

එහි එක් කුමන්ත‍්‍රණකරුවකු ප‍්‍රංශයේ සිට ක‍්‍රියාත්මක වන බවත් කී උන්වහන්සේ මේ වන විට සියලූ කුමන්ත‍්‍රණකරුවන් හඳුනාගෙන ඇති බවත් පැවසූහ.

තමන් වහන්සේලා කුමන්ත‍්‍රණවලට හසු වූවත් ජාතික මතය කුමන්ත‍්‍රණවලට කිසිසේත් හසුවීමට ඉඩ දිය නොහැකි බවත් කී ඥානසාර හිමියෝ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඡුන්දය භාවිතා කළ හැට හත් දහසකට වැඩි ඡුන්දදායකයන්ගේ බලාපොරොත්තු විනාශ කිරීමට වෙනත් පාර්ශවයකට ඉඩ දිය නොහැකි බවත් අවධාරණය කළහ.

මෙම තත්ත්වය ලැජ්ජාවට සහ කනගාටුවට කරුණක් බවත් මෙය මන්ත‍්‍රී ධුරය බෙදා ගැනීමේ ගැටලූවක් හෝ පක්ෂයේ අර්බුදයක් නොව අවස්ථාවාදී පිරිසකගේ අවස්ථාවාදී උත්සාහයක් බවත් උන්වහන්සේ කීහ.

තමන් වහන්සේට මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් නමුත් පක්ෂයේ මතයට ජනතාවගේ මතයට පිටුපෑමට තමන් වහන්සේට නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙම ගැටලූව ඉදිරි දින කිහිපය තුළ නිරාකරණය වනු ඇතැයි ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තවදුරටත් පැවසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (11වැනිදා* එම අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More