දේශීය පුවත්

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය මෙවර මැතිවරණයේදී ආසන 6කින් පරාජය වීම නිසා ශී‍්‍ර ලංකාව තුළ වෙනම රටක් බිහි කිරීමේ සිහිනය බිඳ වැටී ඇත.

2015 මැතිවරණයේදී තමිල් අරසුකච්චි පක්‍ෂයට ආසන 16 ක් හිමිවූ අතර මෙවර ලැබුණේ ආසන 10 ක් පමණකි.

මහ මැතිවරණය වෙනුවෙන් තමිල් අරසුකච්චි පක්‍ෂය සිය මැතිවරණ ප‍්‍රකාශ නිකුත් කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සහ ස්වයංපාලනය ලබාගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙස ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා තිබිණි. ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ තමිල් අරසුකච්චිය බලාපොරොත්තු රහිත ලෙස ආසන 6 කින් පරාජයවීම නිසා එමානුවෙල් පියනම මෙහෙයවන ගෝලීය ද්‍රවිඩ සංසදය දැඩි කනස්සල්ල පළ කර ඇත.

මේ අතර තමිල් අරසු කච්චි පක්‍ෂයට සම්බන්ධ අපේක්‍ෂිකාවක් තම ඡන්ද කොල්ල කා ඇති බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කර තිබේ.

ඇය මෙම පැමිණිල්ල කර ඇත්තේ ද්‍රවිඩ සංධානයේ ප‍්‍රබලයකුට එරෙහිවය.

උතුරේ ආරංචි මාර්ග දක්වන්නේ සෂිකලා රවිරාජ් මෙම පැමිණිල්ල කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More