මහනුවර මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ දිව්රුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූර දිනේෂ් ගුණවර්දන මහතාටද, අධ්‍යාපන ඇමතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් ඇමතිධූරය සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමතිධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද, අධිකරණ ඇමති ධූරය මෙවර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටද, කෘෂිකර්ම ඇමති ධූරය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද හිමිවීමට ඉඩ ඇති බව පැවසේ.
චමල් රාජපක්ෂ මහතාට වාර්මාර්ග ඇමති ධූරයද, බන්දුල ගුණවර්ධන මහතාට වෙළඳ ඇමතිධූරයද, නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිධූරයද ලබා දීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පාළාත් පාලන ඇමතිධූරය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාටද, වැවිලි ඇමති ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටද, ජනමාධ්‍ය අමාත්‍යධූරය කෙහෙළිය රඹක්වැල්ල මහතාටද හිමිවිමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
විමල් වීරවංශ මහතාට කර්මාන්ත අමාත්‍යධූරයද, උදය ගම්මන්පිල මහතාට විදුලිබල ඇමතිධූරය හෝ බලශක්ති ඇමතිධූරයද, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහාමාර්ග ඇමතිධුරයද, ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක ඇමතිධූරයද, ලැබීමට ඉඩ ඇති බව පැවසේ.
කැබිනට් ඇමති ධූර තුන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ද රාජ්‍ය ඇමතිධූර දෙකට දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
ඩලස් අලහප්පෙරුම, එස්.එම් චන්ද්‍රසේන, ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන්ට ද කැබිනට් ඇමතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ටද විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට ද රාජ්‍ය ඇමතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.
කැබිනට් ඇමතිවරුන් 28 දෙනා සහ රාජ්‍ය ඇමතිවරුන් 40 දෙනා මහනුවර මඟුල් මඬුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(12) දිවුරුම්දීමට නියමිතය.
දිව්රුම්දීමේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...