ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට පිළිකා රෝගයකින් පෙළුනු ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.
ධම්මික ගංගානාත් දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.
එමෙන්ම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය.
පුවත්පත් කලාවට ද අතිශය කැමැත්තක් දැක්වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පුවත්පත් කිහිපයකම තීරු ලිපි වලට තම පෑනෙන් ලියූ අතර, පැණිවළලු නම් තීරු ලිපිය මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය.
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...