විදේශ පුවත්

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබේ.

ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අමතමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රහසින් දැනුවත් කර ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් පිටත ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් මිනිත්තු 9කට පමණ පසු ජනාධිපති ට්‍රම්ප් නැවත පැමිණ කියා සිටියේ, ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

එක්සත් ජනපද රහස් ඔත්තු සේවය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු රෝහල් කර ඇති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියේ, තමන් දන්නා පරිදි ආයුධ සන්නද්ධ පුද්ගලයෙකුට එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More