විදේශ පුවත්

නවීකරණය කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්සවීම සඳහා ශ‍්‍රී ලංකාවට ඇරයුම් කර තිබේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදුකළ එම ඇරයුම මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කරයි.

මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ අවසන් ඡුන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්කිරීමට පෙරම ඉන්දීය අගමැතිවරයා තමාට දුරකථනයෙන් අමතා සුබ පැතූ බවයි.

කුෂිනගර් ගුවන්තොටුපළ ඉන්දියාවේ 29 වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More