රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයන් බිය ගැන්වීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා රජය දියත් කර ඇතැයි අමරිකාවේ නිව්යෝර්ක් පදනම් කරගත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.
කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් මිලිටරිමය විසඳුම් ලබා දී ඇතැයි ද ඒවා මගින් වක්‍රාකාරයෙන් මෙන්ම ශාරීරික පහරදීම් හා බියවැද්දීම් ඔස්සේ ද ඉහත කී පර්ශ්ව පීඩාවට පත් කර ඇතැයි හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ මිනක්ෂි ගංගුලි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට ‘ජනාධිපති රාජපක්ෂලගේ පක්ෂය’’ 2020 අගෝස්තු 05 වැනිදා පැවැති මැතිවරණයෙන් පැහැදිලි බහුතරයක් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව වාර්ගික හා ආගමික සුළුතරයන්ට එරෙහිව අනුගමනය කරන ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය තීව්‍ර කර ඇත.
එසේම වසර 26ක සිවිල් යුද්ධය අතරතුර සිදු වූ අපයෝජනයන්ට සාධාරණය ඉල්ලා සිටින පිරිස් තවදුරටත් මර්දනය කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරන බවද මීනක්ෂි ගංගුලි පවසා ඇත.
මේ නිසා අතීතයේ සිදු කළ වැරැදි සම්බන්ධයෙන් වගකීමක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලොව වෙනත් රටවල් විසින් ද ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළ යුතු බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති ආරක්ෂිත රටක්, විනය ගරුක, ගුණවත් හා නීත්‍යනුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායද මෙම නිවේදනය ඔස්සේ හියුමන් රයිට්ස් වොච් විසින් විවේචනයට ලක් කර ඇත.
එම නිසා චෝදනා කර ඇත්තේ අදාළ කාර්ය සාධක බළකායට නම් කර ඇති හමුදා සහ පොලිස් නිලධාරීන්ට ඕනෑම රජයේ නිලධාරියකුට ඉහළින් කටයුතු කළ හැකි බවයි. එසේම රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඇතුළු සුවිශේෂී ආයතන 30කට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තබාගෙන ඇති බවටත් එම නිවේදනයන් වැඩිදුරටත් චෝදනා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...