දේශීය පුවත්

දෙවන බුවනෙකබා රජුගේ රාජ සභාව බිමට සමතලා කොට ඒ පිළිබඳව උදම් ඇනු කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහ අධිකරණය විසින් දෙවෙනි වතාවටත් වරෙන්තු නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දුන් උපදෙස් මත පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිට පෙරද කුරුණෑගල අධිකරණයේ වරෙන්තුවක් ලබා ගෙන තිබිණි.

එහෙත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නොහැකි වීම මත දෙවන වරටත් වරෙන්තු නිකුත් කිරීමට කුරුණෑගල අධිකරණය පියවර ගෙන තිබේ.

නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිටී යැයි සැකකෙරෙන සෑම තැනකම සොයා බැලුව ද ඔවුන් ඒ ස්ථාන වල නොසිටි බව පොලිසිය සඳහන් කරයි.

කුරුණෑගල නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න තමන් ඉඩ දෙන්නේ නැති බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සමාජයේ දැඩි විරෝධයට හේතු විය.

පුරා විද්‍යා ආඥා පනතට අනුව පුරා වස්තු විනාශ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට ඇප ලබා නොදෙන අතර නඩු කටයුතු අවසන් වන තුරුම ඔවුන්ව රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More