මේ වන විට අස්ථානගතව සිටින සිය පක්‍ෂයේ මහ ලේකම් වේදිනීගම විමලතිස්ස හිමියන් සොයාගත් විගස උන්වහන්සේගේ අනු දැනුම ඇතිව සිය පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට යවන බව අපේ ජනබල පක්‍ෂයේ සාමාජික පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසූහ.
වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් සිය පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට උන්වහන්සේගේ නම යවා ඇති බව සත්‍යයක් වුවත් ඒ සඳහා පක්‍ෂයේ කිසිවකුගේ එකඟතාවක් ඇතිවී නොතිබුණු බවද පාහියංගල හිමියෝ සඳහන් කළහ.
පක්‍ෂයේ මහ ලේකම්වරයා වූ වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ අස්ථානගත වීම රාජ්‍ය මැදිහත්වීමක් හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි තමනට සැකයක් පවතින බව කී ආනන්ද සාගර හිමියෝ උන්වහන්සේ ඉක්මණින් සොයා ගැනීමට තමන් වහන්සේ මෙන්ම පක්‍ෂයේ සියල්ලන්ම වෙහෙසෙමින් සිටින බවද පැවසූහ.
අපේ ජනබල පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ අතුරලියේ රතන හිමි අතර විරසකයක් තිබෙන බවට පැතිරෙන කට කතාවල කිසිම සත්‍යතාවක් නැතැයි කී ආනන්ද සාගර හිමියෝ සිය පක්‍ෂයේ ලේකම් හිමි සොයාගත් පසු පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර අසුන වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවද සඳහන් කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...