ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු කරන බවට පළවන පුවත සම්බන්ධයෙන් ජාතික සංවිධාන ඇතුළු විවිධ පාර්ශව විසින් විවිධ මත පළ කරමින් සිටිති.
පසුගියදා පැවති සිංහලේ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මැඩිල්ලපෙඤ්ඤාලෝක හිමි පවසා සිටියේ අලි සබ්‍රි මහතා අන්තවාදයට උඩගෙඩි දෙන මත පළ කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින පුද්ගලයෙකු බවය.
පසගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින මොහොතක නීතිඥ අලි සබ්‍රි වැනි පුද්ගලයෙකු අධිකරණ අමාත්‍ය ධූරයට පත් කිරීම සබ්බන්ධව මහත් සැකයක් පවතින බවද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.
සම්පූර්ණ වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...