දේශීය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  (ඩුබායි ) හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවන විට වීසා කාලය අවසන්වී මෙරටට පැමිණීමට නොහැකිව  සිටින බවට තොරතුරු වාර්තාවේ.

අප වෙත ලැබී ඇති හඩ පටයකට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 600 ක පමණ පිරිසක් මෙසේ වීසා කාලය ඉකුත්වී රැකියාවන් පවා අහිමිව අපහසුතාවයට පත්ව සිටින බව කියවේ.

ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුලි 31 සහ අගෝස්තු 01 යන දිනවල ගුවන් ගමන් දෙකක් සැලසුම් කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් දන්වා ඇතත් ඩුබායි තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් විමවසීමේදී   කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට ඔවුහු  චෝදනා කරති.

රජය විසින් මහජනතාවගේ  බදු මුදල් යොදවමින් ගුවන්යානා වෙන් කර සිදු කරන මෙම ක්‍රියාවලියේදී තානාපති කාර්යාල නිලධාරීන්ගේ ක්‍රියාකලාපයද නිසි ක්‍රමවේදයක් යටතේ හසුරුවන ලෙසත් පීඩාවකින් තොරව මෙම පිරිස මව්බිමට ගෙන්වා ගන්නා ලෙසත්  විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රජයෙන්  සහ වගකිවයුතු නිලධාරීන්ගෙන්  ඉල්ලා සිටියි.

සබැදි පුවත් – 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ව නැවත ගෙන ඒම සිකුරාදා අරඹයි

මූලාශ්‍ර – www.aviationvoice.lk

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More