දේශීය පුවත්

තාවකාලිකව නවතා තිබු, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන 31 වනදා සිට යළි ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත්, වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

මේ අතර, කටාර් රාජ්‍යයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (29) අළුයම දිවයිනට පැමිණියේය.

කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් ශ්‍රීලාංකිකයින් 29දෙනෙකු අද අළුයම මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේය.

මීට අමතරව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More