නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් සකස් කරන ලද “බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම” යෝජනාවලිය අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.
පස් වැදෑරුම් යෝජනාවලියකින් සමන්විත මෙම සමාජ ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර සඳහන් කළේ වසර පහකට පසුව සමස්ත ජනතාව වෙනුවෙන් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට පරිසරය සකස් වී තිබෙන බවයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත මෙම යෝජනා ඉදිරිපත් කරනුයේ ඒවා ක්‍රියාත්මක වනු ඇතැයි යන විශාල විශ්වාසයකින් බවද ආචාර්ය ගුණදාස අමරසේකර පැවසීය.
මෙවැනි සමාජ ගිවිසුමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය වෙත අගමැතිවරයා සිය ප්‍රශංසාව පුද කළේය.
මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය සහ නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය නියෝජනය කරන විද්වත්හු පිරිසක් එක් වූහ.
නොවැම්බර් 16 ජනවරම රකින, බලවත් ආණ්ඩුවක් හදන,සමාජ ගිවිසුම අගමැතිතුමන්ට පිළිගන්වයි2020-07-17 ස්වාධීන රූපවාහිනී පුවත්
Gepostet von 69 ලක්ෂයේ අපේක්ෂාව am Samstag, 18. Juli 2020









සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...