වෙනත් රජයේ වනාන්‍තර හෙවත් අවශේෂ වනාන්තර වලට ආරක්ශාව ලබාදීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඇති බලතල වලට අදාලව නිකුත් කර තිබෙන අංක 5/2001 චක්‍රලේඛනය අවලංගු කර දැමීමට රජය කටයුතු කරමින් සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානය මෙම අනාවරණය සිදු කළේය.
” මේ අවශේෂ වනාන්තර යනු වටිනාකමක් නැති ඉඩම් කොටස් ලෙස සහ ඒවා ජනතාවට බෙදාදීමට හෝ රටේ සංවර්ධනයට යොදාගත නොහැකිව තිබෙන්නේත් මේ චක්‍රලේඛනය නිසා බවත්,ඒ නිසා රටේ සංවර්ධනයට බාධාකරන මේ චක්‍රලේඛනය ඉවත් කලයුතු බවත් පාලකයන්ට ගැතිකම් කරන්නන් මේ දිනවල සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහයන් ගෙන තිබෙන බවත් පෙනුනි.
නමුත්,අවශේෂ වනාන්තරවල නම අතීතයේ පටන් විශේෂයෙන් ආරක්ශිත ප්‍රදේශ ලෙස නම් නොකෙරුනත් විශේශිතව ආරක්ෂාවට නතුකර ගැනීමට ලක්වූ වනාන්තර හැඳින්වීමට යොදාගත් ඉංග්‍රීසි වදන වන “Other State Forest(OSF) යන්නෙහි ඍජු සිංහල පරිවර්තනයකි.නමුත්,එය වඩාත් නිරවද්‍ය ලෙස ගතහොත්,වෙනත් රජයේ වනාන්තර ලෙස සඳහන් කල හැක.(මා භාවිත කරන්නේ මේ යෙදුමයි).එබැවින්,මෙතැනදී අවශේශ යන්නෙන් නොවැදගත් යන අරුතක් කිසිසේත් අදාල නොවේ.
එමෙන්ම,පසුගිය දශකයකට වඩා වැඩි කල මුලුල්ලේ මෙරටින් අලුතින් සොයාගත් සත්ව සහ ශාක විශේෂවලින් රාශියක්ම සොයාගෙන තිබෙන්නේ මේ වර්ගයේ වනාන්තර තුලිනි.තවද,ඇතැම් ස්ථානීය ආවේනික විශේෂ හමුවන මුලු පරිසර පද්ධතියම මෙවන් වනාන්තර වලට අයත්වීමම මේවායේ තිබෙන සුවිශේෂී වටිනාකමට තවත් නිදසුනකි.
එසේම දශක දෙකකටත් වඩා වැඩි කලක් මුලුල්ලේ ඉතා විනාශකාරී ලෙස පවත්වා ගෙන ගිය සහ ආවේනික ජලජ ශාක විශේෂ තුනක්(Cryptocoryne bogneri,Cryptocoryne wasari,Lagenandra erosa) මෙරටින් තුරන් කරලීමටත් තුඩුදුන්,ජලජ ශාක ජාවාරම 2002 අගෝස්තු වනවිට අවසන් කිරීමට රේගු දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ශන දෙපාර්තමේන්තුවට හැකිවූයේත් මෙම චක්‍රලේඛනයේ ශක්තියෙනි.මීට අමතරව ජෛව සොරුන් මෙන්ම ජෛව මංකොල්ලකරුවන් ගනනාවක් නීතිය ඉදිරියට ගෙනවිත් දන්ඩනයන්ට ලක්කලේත් මේ හරහාය.
ඒ නිසා මේ 05/2001 චක්‍රලේඛනය අවලංගු කිරීම රටේ සංවර්ධනයට නොව,මෙරට ආවේනික මෙන්ම සුවිශේෂී ජෛව විවිධත්වයේ තුරන්වීමටත්,ජෛව සොරුන්ට මෙන්ම ජෛව මංකොල්ලකරුවන්ටත් යලිත් මෙරට සම්පත් වනසා දැමීමට ඉඩකඩ විවෘත කර දීමටත්,මේ වන විටත් තිබිය යුතු අවම ප්‍රමානයටත් වඩා අඩුවෙන් තිබෙන මෙරටේ වනාන්තර තව දුරටත් විනාශයට ලක්කිරීමටත් හේතු වනු නිසැකය.
මේ නිසා පරිසරය සහ ජෛව විවිධත්වය වෙනුවෙන් මෙන්ම,මෙරට අනාගත පරපුර ගැන සිතා බලන්නෙකු ලෙසත්,මේ චක්‍රලේඛනය අහෝසි කිරීමේ තීරනයට ඉතා දැඩි ලෙස විරුද්ධත්වය පලකල යුතු වේ..”
අදාළ වීඩියෝ පහතින් –
Gepostet von Hemantha Withanage am Donnerstag, 2. Juli 2020
Gepostet von Hemantha Withanage am Donnerstag, 2. Juli 2020
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...