දේශීය පුවත්

විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට  විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ.

කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද අමාත්‍යවරයා එම මණ්ඩලය එම මන්ඩලය වෙත උපදෙස් ලබාදි ඇත.

විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  කොලඹ මල්පාරේ ඛණිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධව අද(17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් විමසූ බවත්, ඒ සම්බන්ධව  කරුණු පැහැදිලි කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස්  ලබාදී ඇති බවත්  අමරවීර මහතා එහිදී සඳහන් කළේය.

කොවිඞ් 19න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බව මේ පිළිබඳ  කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයින්හට ලබා දෙන සහන ඒකක කප්පාදුවක් කිසිසේත්ම සිදුකර නොමැති බවත් සහන ඒකක 30 මාස දෙකක බිල්පතක් එක්වර ලබා දීමේ දී ඒකක 60ක් වශයෙන් සළකා කටයුතු කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

ඇදිරි නීතිය බලපැවැත්වු කාල සීමාව තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ පවුලේ සියලු සාමාජිකයින් නිවස තුළ රැඳි සිටි බැවින් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති නිසා බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එම බිල්පත වාරික  කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිදු අයුරකින් හෝ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More