ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අදහසකට අනුව නාවික හමුදාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.
විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සකස් කර ඇති අතර ඒවා සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත.
එසේම කාලයාගේ ඇවෑයමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත.
මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.
ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කිරිමට යෙදුනු මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනිමට තීරණය කලද කෙටි කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් මෙම ව්‍යපෘතිය කර ගෙන යාමට නාවික හමුදාව කටයුකු කරන ලදි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...