පුරවැසි කොලම

එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහි වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් මාස දෙක තුන ගෙවී යමින් තිබිණි. වන්නි සටනේ පෙරට ගිය මෙරට වීරෝදාර හමුදා විරුවන්ගේ විජයග‍්‍රාහී ගමන හමුවේ ඒ වන විට වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සිය භිහිසුණු අවසානය වෙත ක‍්‍රමක‍්‍රමයෙන් ළ`ගා වෙමින් සිටියේය.

මෙය එදා සමස්ත ලෝකයාද අවබෝධ කරගෙන තිබුණකි. එහෙත් ඊනියා මානුෂවාදීන් වූ ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුරට ප‍්‍රභාකරන්ගේ ඒ අවසානය බලා සිටිය නොහැකි විය.

අති භයානක ආත්මාර්ථකාමීත්වයකින් යුතු සිය ජාත්‍යන්තර දේශපාලන අරමුණු හමුවේ මේ බිම බෙදා වෙන්කර ආරාජික කිරීමේ ඔවුන්ගේ ඉලක්කය වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවසානයත් සම`ග අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමද එකී ප‍්‍රභාකරන් ආලයට හේතු වූවා විය හැකිය.

එහෙයින් මරණය අභියසට ළ`ගාවෙමින් සිටි තමන් විසින්ම ලොව ප‍්‍රබලම ත‍්‍රස්තවාදියා යැයි කී වෙල්පිල්ලේ ප‍්‍රභාකරන් කෙසේ හෝ බේරා ගැනීමේ මෙහෙයුමක් ඔවුහු ආරම්භ කළහ.

ඒ අනුව එදා එක්සත් ජාතීන්ගේ යුද බලවතුන් දෙදෙනකු වන බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය නියෝජනය කරමින් ප‍්‍රංශ විදේශ ඇමැති බර්නාඞ් කෘෂ්නර් සහ බි‍්‍රතාන්‍ය විදේශ ලෙක්ම් ඩෙව්ඩි මිලිබෑන්ඞ් ඇතුළු නියෝජිතයයෝ තිදෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට මෙරටට ආහ.

එසේ පැමිණි ඔවුහු දකුණේ බෙලිඅත්තට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී වහා යුද්ධය නතර කළ යුතුයැයි කියන්නට වූහ. එහෙත් ලැබුුණු පිළිතුර වූයේ සරලව කිවහොත් උඹලගේ වැඩක් උඹලා බලා ගනිල්ලා යන්නය.

පැහැදිලිවම කිවහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහින්ද රාජපක්‍ෂයන් රට වෙනුවෙන් නැගූ එකී සහ නාදයත් සම`ග අප හා වෛර බැ`ද ගත්තේ ප‍්‍රභාකරන්ගේ අවසානයටත් පෙර සිටය.

එහිදී සිදුවූ සහ සිදු කළ දෑ බොහෝ වූහ. අපේ යුද විරුවෝ මිනී මරුවෝ යැයි කීහ. ඔවුන්ට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කළහ. එල්ටීටීඊයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී ශී‍්‍ර ලංකාව මානව හිමිකම් දැඩි ලෙස කඩකර ඇතැයි කියමින් එරකහෙලා හ`ඩ තලන්නට විය.

මෙහිදී පෙරමුණේ සිටි පුද්ගලයන් කිහිප දෙනකුම විය. එදා ඉන් ප‍්‍රධාන තැනක සිටි එක් චරිතයක් වූයේ එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවනීදන් පිල්ලේ නෝනාය.

අපට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ශී‍්‍ර ලංකාවේ යුද්ධය පිළිබ`ද අදෘෂ්‍යමාන සහ අසත්‍ය සාකක්‍ෂි මත වාර්තාවක් සැකසූ දරුස්මාන් කමිටුවේ බලවත් බවලතියක වූ පොට්ටුවක් නොමැති වුවද නහය විද කරාබුවක් පැළ`ද සිටින වත්මන් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබ`ද ඊනියා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකා තවත් චරිතයක් විය.

ප‍්‍රභාකරන්ගේ අවසානයේ සිට ශී‍්‍ර ලංකාව කෙරෙහි උපන් වෛරයෙන් බොහෝදේ කළ සහ කී මේ යස්මින් සුකා ඉන් සුඛාන්තයට පත්වූ දවසක් නම් කිසිසේත් උදා නොවීය.

එනිසාම පසුගිය කාලය පුරාවට සිය සැමියා මළ නියාවෙන් ප‍්‍රභාකරන්ගේ මරණය හමුවේ වියරු වැටී මෙරට හමුදා ප‍්‍රධානීන් රැුසකට යුද අපරාධ චෝදනා න`ගන්නට මේ සුකා කටයුතු කළාය.

ඇමරිකාව ප‍්‍රධාන බටහිර ක`දවුර සහ යස්මින් සුකාලා ඇතුළු කොටි ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණයකට අනුව බිහිවූ පසුගිය යහපාලන රජය සමයේදීද සුඛා මේ අන්දමට මෙරට හමුදා ප‍්‍රධනීන්ට යුද අපරාධ චෝදනා න`ගන්නට විය.

එහෙත් යහපාලන සමයේ සුඛාලා එසේ මෙරට හමුදා ප‍්‍රධානීන් දංගෙඩියට යැවිය යුතුයැයි කියා ඩෙ`ගා නටද්දී අපේ හමුදාවන්ට සිදුවූයේ අසරණව බලා සිටින්නටය.

යස්මින් සුඛාලා ගෙනා දරුස්මාන් වාර්තාව ඇතුළු විවිධ වාර්තා හමුවේ ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ 30/1 යෝජනාව ආදී දේට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර රහසේ අත්සන් තබමින් රෙදි නැතුවම සම අනුග‍්‍රහය දක්වා සියල්ල පාවා දෙද්දී අපේ විරුවන්ට සිදුවූ අවැඩ මෙතකැයි කියා නිම කරන්නට නොහැකිය.

මේ රටේ එකීයභාවය සහ අපේ වීරත්වය පිළිබ`ද කල්පනා කර බැලීමේදී ඒ තරමටම නින්දිත වූ දුර්දාන්ත යුගයක් යහපාලකයෝ මේ රටට උදා කළහ. ඒ තුළ යස්මින් සුකාලා පමණක් නොව කොටි ඩයස්පෝරාව මෙන්ම ඊනියා ජාත්‍යන්තරය ගෙට පැන ලක් මවගේ සළු ගලවන තැනටම වැඩ සිදුවිය.

මෙහිදී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට සිදුවූයේ සියල්ල පත්තරයෙන් කියවා කුමකින් කුමක් සිදු වුවත් පැවත්ම වෙනුවෙන් බැ`දගත්ත බෙරේ ගසන්නටය.

උපන් බිමට සිදු කළ එකී ව්‍යසනය හමුවේ ජනිත වූ පාපය අද දවසේ එක්සත් ජාතික පක්‍ෂයට මෙන්ම මංගල සමරවීර ඇතුළු බොහෝ පාර්ශ්වයන්ට දිට්ඨධම්මවේදීය ලෙස ගෙවන්නට සිදුව තිබෙන අන්දම අද රටේ ජනාතාවට පැහැදිලිවම දැකගන්නට ලැබී ඇත.

සියල්ලට හේතු වූයේ දුර්දාන්ත වූ යහපාලන රජයේ අවසානය සටහන් කරමින් රටට උදා වී තිබූ ඒ කාලකණ්ණි යුගය නිමා කරන්නට හැටනව ලක්‍ෂයක් වූ මෙරට සැබෑ දේශපේ‍්‍රමීන් ඉකුත් ජනාධිපතිවරණයේදී පෙරට පැමිණීම විය.

දැන් ඒ යුගය අවසන්ය. අද මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂය. එහෙත් යහපාලනය තුළ මේ රටට සහ හමුදාවන්ට එරෙහිව අවි අමෝරා නටන්නට වු යස්මින් සුකාලාට එය අමතකව තිබෙන බව මීට සති දෙක තුකට පමණ ඉහතදී පෙනී ගියේ නැවතත් සුපුරුදු කාලකණ්ණි රැු`ගුම පටන්ගත් ඇය ඉකුත් ජුනි 01 වැනිදා මෙරට රජ්‍ය බුද්ධි සේවාවේ වත්මන් ප‍්‍රධානියා වූ මේජර් ජෙනරාල් සුරේෂ් සලේට යුද අපරාධ චෝදනා එල්ල කිරීමත් සමගිනි.

යස්මින් සුකා නැවතත් මෙසේ චෝදනා එල්ල කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යනු කවුද? එය කෙටි හැ`දින්වීමක් ලෙස කළහොත් ඉකුත් යහපාලන රජය බලයට පත්වූ සමයේ මෙරට යුද හමුදා සන්නද්ධ බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂවරයා වූයේ ඔහුය.

එවකට හේ බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ විය. ශී‍්‍ර ලංකා යුද හමුදාව සතු අතිශය දක්‍ෂ තීක්‍ෂණ දැක්මක් ඇති බුද්ධි නිලධාරියකු වූ සුුරේෂ් සලේ කිසි විටකත් උපන් බිම පිළිබ`ද මිස දේශපාලනය ගැන කල්පනා කෙරූවකුද නොවීය.

මේ නිසාම හේ යහපාලනය තුළ සිදු කෙරුණු බුද්ධි අංශ දඩයමේදී නායකයකු ලෙස සිටගත්තේ දඩයමේ ගොදුරු බවට පත්වූ බුද්ධි නිලධාරීන් සම`ගය. තුප්පහි දේශපාලන භාවිතාවක් තුළ සිදු කෙරුණු පාවා දීම් හමුවේ සිය සගයන් අමතකකර දමන්නට තරම් එදා බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ පහතට ඇද වැටුණේ නැත.

යහපාලනය තුළ සීඅයිඞීයේ රජ කළ ශානි අබේසේකර කල්ලිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ලෝකය හමුවේ පාවා දෙමින් සිරගත කළ බුද්ධි නිලධාරීන් පිළිබ`ද සොයා බලන්නට සුරේෂ් සලේ කිසිවිටකත් අමතක නොකළේය.

යහපාලන බුද්ධි අංශ දඩයමේදී ඇතැම් අවස්ථාවල රහසිගතව යම් යම් දේ සිදුකරමින් බුද්ධි නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නට හේ කටයුතු කළේය. සිරගත නිලධාරීන්ගේ දරුපවුල්වල දුකසැපද සොයා බැලීය.

ඔහුගේ මේ හැසිරීම එදා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික මෙන්ම යහපාලන සමනළ කල්ලියට දිරවන්නක් නොවීය. එනිසාම එදා රට වෙනුවෙන් බොහෝ දේ කළ අති දක්‍ෂ බුද්ධි නිලධාරියකු වූ සුරේෂ් සලේ කෙසේ හෝ පන්නා දැමීමේ මෙහෙයුමක් ඔවුහු ඇරඹූහ.

එහිදී බැ`දගත් බෙරේට තඩිබාමින් සිටි හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාටද කළහැකි දෙයක් නොවීය. අවසානයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් කළ එවකට බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ, සුරේෂ් සලේ වීම නිසාම මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපති සේවයට පිටත් කර හරින්නට යහපාලනය කටයුතු කළේය.

එසේ නොවුණේ නම් ඇතැම් විට අද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කෙනකු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නොවන්නට ඉඩ තිබිණි. ඉකුත් යහපාලන යුගයේදී මෙරට රණවිරුවන් ඉලක්ක කර සිදු කෙරුණේ එතරම්ම පජාත වැඩ විය.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබ`ද ඊනියා ආයතනයේ (එන්ජී ඕවෙහි* විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකා මෙදා යුද අපරාධ චොද්නා එල්ල කරමින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් ජාත්‍යන්තරයට කරනු ලැබුවේ වර්තමානයේ යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු වන ඒ සුරේෂ් සලේට එරෙහිවය.

එහෙත් අද ශී‍්‍ර ලංකාව තුළ තිබෙන්නේ යහපාලන සමයේදී මෙන් කො`දු බි`දී ගිය හමුදාවක් නොවන බව යස්මින් සුකාට පෙන්වා දෙන්නට ඉකුත් සතියේදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කටයුතු කළේය.

ඔහු යස්මින් සුකාට ඒ බව කියා දුන්නේ තමන්ගේ කීර්තියට හානි කරමින් ජීවිතයටද තර්ජන එල්ල වන සේ සිදු කළ ප‍්‍රකාශය ඉවත් කර නොගතහොත් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බවට සිය නීතිඥයා වන පසන් වීරසිංහ මහතා මගින් එන්තරවාසියක් යැවීමෙනි.

මෙරට යුද හමුදාවේ සකී‍්‍රය සේවයේ සිටින හමුදා නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට සහ එහි ප‍්‍රදානියකුට එරෙහි නෛතික කි‍්‍රයාමාර්ග ගත් පළමු අවස්ථාවද මෙය වේ.

යස්මින් සුකා මෙසේ චෝදනා කරන්නට සාදක වූ එක්තරා වැදගත් කරුනක්ද විය. එය වූයේ පසුගිය මැයි මස 22 වැනිදා සිට බලපැවත්වෙන පරිදි සුරේෂ් සලේ ඇතුළු නිලධාරීන් පස් දෙනකු මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීමට සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කිරීමය.

එල්ටීටීඊය සම`ග ඍජු සබ`දතා පැවත්වූ දැනට ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා නැමැත්තා 2009 වන්නි මානුෂීය මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගෙන වධහිංසා කළ බව හා තවත් සාවද්‍ය චෝදනා කිහිපයක් නගමින් යස්මින් සුකා මෙජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව මෙම චෝදනාව කර තිබිණි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නිලධාරියකු මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවද යස්මින් සුකා එහිදී ස`දහන් කර ඇත. ඇය මේ චෝදනා එල්ල කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

යස්මින් සුකාගේ මෙම චෝදනාව මගින් තමන්ගේ පෞද්ගලික දත්ත අනාවරණය කිරීම නිසා ජීවිතයට තර්ජනයක් එල්ලකර තිබෙන බවද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යස්මින් සුකාට යවන ලද එම එන්තරවාසිය මගින් ස`දහන් කර ඇත.

ඉල්ලා ඇති වන්ද මුදල නොදුනහොත් යස්මින් සුකා සිදු කළ අපබහාසාත්මක ප‍්‍රකාශයන්ට එරෙහිව ශී‍්‍ර ලංකාවේ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

එකී නඩු පැවරීම සිදු කළද නොකළද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙහිදී ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබ`ද ඊනියා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකාට කියා දී තිබෙන පාඩම නම් ඉතාම වටින්නේය.

එහෙත් ගැටලූව වන්නේ පොට්ටුව නැතත් නහය විද කරාබුවක් පැළ`ද සත්‍ය සහ යුක්තිය පිළිබ`ද නන් දොඩවන ඇමරිකාව ප‍්‍රධාන බටහිර ද්‍රෝහී ක`දවුරේ සුවච කීකරු

ගිරවියක වන දකුණු අප‍්‍රිකාවේ උපන් යස්මින් සුකාට එය වැටහේදැයි යන්නය.

ඇයට එය නොවැටහුණද එළදෙන්නු උම්බෑ කියන්නේ කුමකටදැයි ආසියාවේ උපන් අපට කිසිවකුත් අමුතුවෙන් කියා දියයුතු නැති බවද යස්මින් සුකා දැන්වත් වටහා ගන්නේ නම් ඇය අදහන ඊනියා සත්‍යය සහ යුක්තිය කෙසේ වෙතත් ඉන් ලොක්යට යහපතක් වනු ඇත.

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More