දේශීය පුවත්

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමට අයත් හෝටල් නවයක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා එම සමාගම පැකේජ 1,000ක් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම් පදනම් කරගනිමින් මෙම පැකේජ පිරිනැමෙන අතර ඒවා ජූලි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.

‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමේ ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ වැඩසටහනේ යටතේ මෙය ක්‍රියාත්මක වන මේ සඳහා නම් කරන පිරිසට ‘සිනමන් ග්‍රෑන්ඩ් කලම්බු, සිනමන් ලේක්සයිඩ් කලම්බු, සිනමන් රෙඩ් කලම්බු, සිනමන් බේ බේරුවල, සිනමන් වයිල්ඩ් යාල, සිනමන් ලොජ් හබරන, සිනමන් සිටඩෙල් මහනුවර, හබරන විලේජ් බයි සිනමන් සහ ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන්’’ යන හෝටල් නවයෙන් එකක් තම නිවාඩු ගත කිරීම සඳහා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.

මේ අවස්ථාව සනිටුවහන් කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම අයත් ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ ප්‍රකාශය ඊයේ (16) පිළිගැන්වූයේ ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More