පාස්කු ඉරිදා ප‍්‍රහාරය සඳහා යොදාගත් බෝම්බ සරල තාක්‍ෂණයකට අනුව නිපදවා ඇති බව හිටපු රජයේ රස පරීක්‍ෂක ආරියනන්ද වැලිඅංග මහතා ඊයේ (16 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.
අධිබල පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා හැරීම ගින්දර මගින් කළ නොහැකි බව පැවසූ ඒ මහතා ඒ සඳහා ඩෙටනේටරයක් අවශ්‍ය වන බවත් පාස්කු ප‍්‍රහාරය සඳහා ද ඩෙටනේටර් යොදාගෙන ඇති බවත් කියා සිටියේය.
පාස්කු දා ප‍්‍රහාරය සඳහා යොදාගත් ඩෙටනේටර් වර්ගය වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් සොයාගත් ඩෙටනේටර් වර්ගය ද යන්න රජයේ අධිනීතිඥතුමිය වැලිඅංග මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා කියා සිටියේ පිපිරීමත් සමග ඩෙටනේටරය විනාශ වන බැවින් ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...