පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා නුවරට ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට ගොස් තිබේ.
ඇය මේ දක්වාම රහස් පොලිසියට කටඋත්තරයක් දී නැත. ගානියා ප‍්‍රැන්සිස් ළඟ තිබූ ජංගම දුරකථනය දර්ෂා බැස්ටියන්ට ලබා දුන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
ගානියා සිද්ධියට අදාළ තොරතුරු මෙම පරිගණකයේ ඇතැයි රහස් පොලිසිය සැක කරයි. මේ වනවිට රහස් පොලිසිය දර්ෂා බැස්ටියන්ගේ දුරකථන දත්ත ද සොයාගෙන ඇත.
මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කීපදෙනකු එක්වී මෙම බොරු පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...