දේශීය පුවත්

කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

මේ නිසා කුවේට් රාජ්‍යයේ සිට පැමිණි කොරෝනා ආසාදනයෙන් සුවය ලබා නැවත එම වෛරසය ශරීරගත වූ කාන්තාව සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි වෛද්‍ය ගිනිගේ මහතා කීවේය.

කොරෝනා වෛරස් ආසාදනයට පළමු වරට ගොදුරු වූ අයට එම වෛරසය අවට සිටින අයට පැතිරවීමේ හැකියාවක් ඇතත්, එම ආසාදිතයින් රෝහල් ප‍්‍රතිකාර මගින් සුවය ලැබූ පසු වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ ඔවුනගේ ශරීරය තුළ නිපදවෙන බව පෙන්වා දුන් වෛද්‍ය ගිනිගේ මහතා එවැනි ආසාදිතයින් නැවත වරක් කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව පෙන්නුම් කරන්නේ ඔවුන් විසින් ආසාදනය නොවන මියගිය කොරෝනා වෛරස් අංශු මුදා හැරීම නිසා බව සඳහන් කළේය.

මෑතකදී දකුණු කොරියාවේ සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය වූයේ කොරෝනා වෛරස් ආසාදනය වී සුවය ලැබූ අයකුට සති ගණනාවක් ගත වූ පසුව නැවත කොරෝනා වෛරසය ශරීරගත වුවද එම තැනැත්තාට නැවත එම වෛරසය සමාජය තුළ පැතිරවීමේ හැකියාවක් නොමැති බවයි. මෙම පර්යේෂණය සිදු කළ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ කොරියානු මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පිරිස මෙසේ කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සුව වූ පසු නැවත එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වූ 285 දෙනකු සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති අතර, ඔවුන් කිසිවකුට එසේ නැවත වෛරසය සමාජය තුළ පැතිරවීමේ හැකියාවක් නොමැති බව එම අධ්‍යයනයේදී තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එම ආසාදිතයින්ගෙන් ලබා ගත් වෛරස් සාම්පල පරීක්ෂාවට ලක් කිරීමේදී මේ බව අනාවරණය කර ගෙන තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More