2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිතය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම එළඹෙන ජුනි 18 වනදා සිදුකෙරේ.
තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජූනි 30, ජූලි මස පළමුවනදා හා දෙවැනිදා යන දිනවල සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙක් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මස 14 හා 15 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ ජූලි 16 හා 17 යන දිනවලදී බව මැතිවරණ කොමිසම නිකුත් කළ මධ්‍ය නිවේදනයේ දැක්වේ.
මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට එළඹෙන ජූලි මස 20 වැනිදා හා 21 ක් වනදා අවස්ථාව හිමිවන අතර ඔවුන්ට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම එළඹෙන ජූලි මස 29 වනදායින් අවසන් වේ.
එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...