දේශීය පුවත්

තේ කොළ වලට සීනි කවලම් කර වෙළඳ පොළට එවනු ලබන කම්හල් පිළිබඳව විමර්ශන කටයුතු තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා පැවැසීය.

වැටලීම් පමණක් නොව අති නවීන විද්‍යාගාර පහසුකම්වලින් සතිපතා සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම නිසා වෙළඳපොලට එන ප්‍රමිතියෙන් තොර තේ හඳුනා ගැනීම පහසුවී ඇතැයි ද මොල්ලිගොඩ මහතා කියා සිටියේය.

තේ වෙන්දේසියට ලැබෙන තේ සතිපතා නිරන්තරව අහඹු ලෙස තෝරාගත් තේ කුඩු නියැදි පරීක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

තේ කම්හල් 700 ක් දිවයින පුරා පිහිටා ඇති අතර සතිපතා එයින් 695 කට ආසන්න ප්‍රමාණයකින් වෙන්දේසියට තේ එන බවත් මෙසේ අහඹු ලෙස නිරන්තර නියැදි තෝරා ගැනීම නිසා බොහෝ තේ කම්හල්වල නිෂ්පාදන පරීක්ෂාවට ලක්වන බවත් මොල්ලිගොඩ මහතා කීය.

කෙසේ වෙතත් තේ කොලවලට සීනි දමා තිබියදී හසුවූ කම්හලේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ පිළිබඳ සිදුවන පරික්ෂණවලින් පසු වැරදිකරු වුවහොත් කම්හල සම්පූර්ණයෙන්ම වසාදැමීමට කටයුතු කරන බව ද කීය.

එම කම්හල් හිමියන්ගේම තවත් කම්හලක් මේ වනවිටත් වසාදැමීමට තේ මණ්ඩලය කටයුතු කොට ඇත්තේ එහි නිෂ්පාදනවල ද සීනි මුසුකිරීමේ සිද්ධියක් හසුවීමෙන් පසුව යැයි ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More