වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා මහබැංකු නිලධාරීන් නිසි සහාය ලබා නොදෙන බව සදහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට දැඩිව දොස් පැවරීමට පියවර ගත්තේය.
අද (16) පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
වෙනත් රටවල මහබැංකුව ඒ ඒ රටවල ආර්ථිකය ගොඩගැනීමට විවිධ යෝජනා ක්‍රියාත්මක කොට ඇති නමුත් ලංකාවේ මහබැංකුව අද වනතුරු කිසිදු යෝජනාවක් ලබා දී නොමැති බවත්, අවම වශයෙන් දී ඇති උපදෙස් හෝ ක්‍රියාත්මක කොට නොමැති බවත් කීය.
මේ හරහා තමන් සහ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මෙම නිලධාරීන් කටයුතු කරන බවද ඒ මහතා කීය.
පසුගිය කාලයේ මහබැංකු වංචාව සිදුවනවිටද සිටියේ මෙම නිලධාරීන්ම බවත්, අවම වශයෙන් දැන් හෝ රට හැදීමට තමන් සමග එකතු වන ලෙසත් ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.
මේ තත්ත්වය යටතේ තමන් මහබැංකුවට පැය 24ක් කල් දෙන බව කී ජනාධිපතිවරයා වහාම තමන්ට ආර්ථිකය ගොඩ නැගීම සදහා වූ යෝජනා ලබා දෙන ලෙස නියෝගයක්ද කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...