දේශීය පුවත්

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවෙමින් පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න පවසයි.

ගාස්තු දෙකක් අය කළද මේ වන විට සාමාන්‍ය බස් සේවාව සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව සම පහසුකම් ලබාදෙමින් ධාවනයේ යෙදෙන බැවින් එම බස් සේවාව අහෝසි කළ යුතු බවට පෞද්ගලික බස් රථ හිමියන් විසින් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

එම බස් රථ සේවාව අහෝසි කිරීම සම්බන්ධව වත්මන් ආණ්ඩුව බලයට පැමිණි මුල් අවස්ථාවේද සාකච්ඡා කළ බවත් සාමාන්‍ය බස් රථ සේවාවට වඩා වැඩි පහසුකමක් එහි නොමැති බවට පැමිණිලි ලැබුණු බවත් ලේකම්වරයා මෙහිදී කීය.

මේ වන විට සාමාන්‍ය සේවා බස් රථ දාහත්දාහසක් දිවයින පුරා ධාවනය වන අතර අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනය වන්නේ හාරසියවිසිතුනක් පමණි.මේ අතර පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු පොදු ප්‍රවාහන අංශවල බලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේදී ගත් තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා පැවසීය.

කෙසේ නමුත් කිසි ලෙසකින්වත් බස් ගාස්තු වැඩි නොකරන බව පසුගියදා මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසා තිබූ අතර මේ වන විට බස් රථවල කාලසටහන ක්‍රියාත්මක වීම සහ ආසන ගණනට මගීන් ගෙනයාම පිළිබඳව නිරීක්ෂණය සඳහා පොලිසියද යොදවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More